උපකාරක පන්ති පැවැත්වීමට අවසර

උපකාරක පන්ති ඇරඹීම පිළිබඳව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
ලබන ජනවාරි 25 වනදා සිට බස්නාහිර පළාත හැර අනෙකුත් පළාත්වල උපකාරක පන්ති පවත්වාගෙන යාමට අවසර ලබාදෙන බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර තිබෙන්නේ.
උපකාරක පන්ති අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සඳහා පමණක් විවෘත කරන ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ඉල්ලා සිටිනවා.
උපකාරක පන්ති පවත්වන අවස්ථාවල දී පන්තියක ළමුන් උපරිම 100 ක් හෝ පන්ති පවත්වන ස්ථානයේ තිබෙන ඉඩකඩ අනුව ආසන සංඛ්‍යාවෙන් 50% ක් හෝ වන පරිදි පැවැත්විය යුතු බවට උපදෙස් නිකුත් කර තිබෙනවා.
948 Views
Comments