මම බලයට පත් වී පැය 24න් තෙල් මිල බස්සනවා -සජිත්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
20

මම බලයට පත් වී පැය 24න් තෙල් මිල බස්සනවා -සජිත්

මම බලයට  පත් වී පැය 24න් තෙල් මිල බස්සනවා -සජිත්

‘‘ලෝකයේ ඉන්ධන මිල අවම වෙලා ඇති අවස්ථාවේ තව අවුරුද්දකින්වත් ලංකාවේ ඉන්ධන මිල පහළ නොදමන බවට වත්මන් රජය කැබිනට් තීන්දුවක් ගෙන ඇති බව පවසනවා.

 

මා බලයට පත්වී සමගි ජන බලවේගයේ රජයක් යටතේ ආණ්ඩුව පිහිටුවා පැය 24 ක් ඇතුළත තෙල් මිල පහළ බස්සවනවා’’ යැයි සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පෙරේදා (18 දා) අනුරාධපුර තලාවේ පැවති ජනහමුවෙකදී පැවසීය.

 

මෙහිදී කතා කළ සජිත් පේ‍්‍රමදාස මහතා කුලී වැඩ කොට එදා වේල සොයා ගන්නා ජනතාව වෙනුවෙන් මසකට එක් පවුලකට රුපියල් විසි දහසක දීමනාවක් ලබාදීමට පියවර ගන්නා බව කීය. වත්මන් රජය ලෝකයට අණබෙර ගහලා සියයට 4 පොලී අනුපාතයට ණය ලබාදෙන බව කියා පත්තරවල පොල්ගෙඩි අකුරෙන් දැම්මත් එය පුස්සක් බවත්, රජයේ විදුලිබල ඇමැතිවරයා රජයේ නාලිකාවලට පැමිණ පසුගිය මාර්තු, අපේ‍්‍රල්, මැයි, ජුනි මාසවල විදුලි බිල වෙනුවෙන් ගෙවූ මුදල් අඩුකර දෙන බවට පුරසාරම් දෙඩෙව්වත් එයද පුස්සක් බවද හෙතෙම පැවසීය.

 

එහිදී තවදුරටත් ජනතාව ඇමතූ සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපතිවරණ සමයේ විශේෂයෙන් අනුරාධපුර ජනතාවට නොමිලේ දෙන බව පැවසූ පොහොර දුන්නා දැයි ජනතාවගෙන් ඇසීය. මුදල්වලටවත් පොහොර ගැනීමට හැකිවුණාදැයි ජනතාවගෙන් විමසූ හෙතෙම මෙම ප්‍රෝඩාකාරී ආණ්ඩුව පැරදවීමට කලාවැව ජනතාව කටයුතු කළ යුතු යැයි කියා සිටියේය.

 

කලාවැව ආසනයේ සමගි ජන බලවේග ආසන සංවිධායක අනිල් රත්නායක මහතා තම පෞද්ගලික දේපළ මිල මුදල් සමාජ සේවය වෙනුවෙන් වැය කොට ඇති බවත් ඔහු අනිවාර්යයෙන්ම මැතිසබයේ සිටිය යුතු අයකු බවත් පැවසූ සජිත් පේ‍්‍රමදාස මහතා වත්මන් රජය බොරුවෙන්, ප්‍රෝඩාවෙන් රට පාලනය කරන ආණ්ඩුවක් බවත් රජය කොවිඞ් 19 වසංගතය පාලනය කර ඇති බවට පුරසාරම් දෙඩෙව්වත් දෙවැනි රැුල්ල පිළිබඳව රාජාංගනයට ගොස් බැලිය යුතු බවත් පැවසීය.

views

808 Views

Comments

arrow-up