කරු නායකයා කළොත් එකතුවන බව සජිත් පිළ කියයි

කරු ජයසූරිය මහතාට එක්සත් ජාතික පක්ෂ නායකත්වය ලබා දෙන්නේ නම් සම්මුතියකට පැමිණීමට හැකියාව ඇතැයි ‘සමගි ජන බලවේගය’ පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි.
දැනටමත් තම පක්ෂය මැතිවරණයට තරඟ කිරීමට තීරණය කර ඇතැයි ද ඒ බව මැතිවරණ කොමසාරිස්ට ද දන්වා ඇති බවත් ඔහු පැවසීය.
ඒ සදහා වූ නාමයෝජනා මණ්ඩලය පත්කර ඇති බවත් එය ඊයේ දිනයේ රැුස් වුණු බවත් මහ ලේකම්වරයා කියා සිටියේය.
එක්සත් ජාතික පක්‍ෂය ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලයට පැමිණෙන්නැයි ආරාධනා කර තිබුණද ඊට සහභාගි වීමට නොහැකි වූයේ තම පක්ෂයේ නාම යෝජනා මණ්ඩලය රැස් වූ නිසා බව ද ඔහු සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස කරු ජයසූරිය මහතා පත් වුවද සන්ධානයේ නායකයා ලෙස කටයුතු කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා ම පමණක් බව ඔහු තවදුරටත් කියා සිටියේය.
820 Views
Comments