ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹෙයි - මහ මැතිවරණ දිනය තීරණයට කොමිසම අද රැස්වෙයි

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන එම සාකච්ඡාවේදී ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති.
මේ අතර මහ මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කර ඇත. රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනි ලියනගේ මහත්මිය සඳහන් කළේ, දිස්ත්‍රික්ක 07 කට අදාළව එම කටයුතු ආරම්භ කර ඇති බවයි. සෙසු දිස්ත්‍රික්කවල කටයුතු ද කඩිනමින් ආරම්භ කරන බව ඇය සඳහන් කළා.රට තුළ පවතින තත්ත්වය අනුව ඡන්ද පත්‍රිකා මුද්‍රණයට වැඩි කාලයක් ගතවනු ඇති බවයි ඇය කියාසිටියේ.
ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළේ, ඉදිරි මහ මැතිවරණයට අදාළව ඡන්ද පත්‍රිකා එක් කෝටි හැටනව ලක්ෂකට අධික සංඛ්‍යාවක් මුද්‍රණය කරන බවයි.
මුද්‍රණය කෙරෙන ඡන්ද පත්‍රිකා ඡන්ද විමසීමට දින 14 කට පෙර මැතිවරණ කොමිසමට භාර දෙන බවත් ඇය පැවසුවා.
595 Views
Comments