ජනතා කැමැත්ත මත වුණු බල හුවමාරුවක් - අනුර කුමාර
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
18

ජනතා කැමැත්ත මත වුණු බල හුවමාරුවක් - අනුර කුමාර

ජනතා කැමැත්ත මත වුණු බල හුවමාරුවක් - අනුර කුමාර

මෙවර ජනාධිපතිවරණයේදි තමා අපේක්ෂා කළ ප්‍රතිඵලය නොලැබුණු බව ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂකයා වු ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.අද එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

 


"අපිට අපේක්ෂා සහගත ඉලක්කයක් තිබුණා. නමුත් ප්‍රධාන බල කඳවුරු දෙකක් තියෙන වෙලාවක ජනාධිපතිවරණ ව්‍යාපාරයක් කරන එක අපහසුයි.එය දැනගෙන තමයි අපි ඉදිරිපත් වුණේ.නමුත් අපි යම් ප්‍රතිඵලයක් අපේක්ෂා කළා.අපි අපේක්ෂා කළ ප්‍රතිඵලය මැතිවරණ ප්‍රතිඵල තුළ නොමැති බව කිවයුතුයි.
අපේ තිබුණු මැනීම ප්‍රතිඵලවල නැහැ.

 


ඔබ සියලු දෙනාට අපි අරාධනා කරනවා අපි කැමති ජනතාවටගන් අලුත් දේවල්  එකතු කරගන්න වගේම බැහැර කළ යුතු දේ බැහැර කරන්න.මෙය ජනතා කැමැත්ත මත වුණු බල හුවමාරුවක්.සෑම දේශපාලන ව්‍යාපාරයක්ම එයට එකඟ විය යුතුයි.
 
මේ ජනවරම අපි පිළිගත යුතුයි. ඒ මත සිට අපි කටයුතු කරනවා"

 

views

781 Views

Comments

arrow-up