වන්දනාවේ ආ කොරෝනා ආසාදිතයකු නිසා කතරගම පිරිසක් ස්වයං නිරෝධායනයට

පසුගිය දිනක කතරගම වන්දනාවේ පැමිණ ගිය පුද්ගලයකු කොරෝනා රෝගියකු බවට හඳුනා ගැනීම හේතුවෙන් ඔහු කතරගම පැමිණ නවාතැන් ගෙන සිටි බව කියන නිවාඩු නිකේතනය හා එහි හිමිකරු බිරිද සහ සේවකයින් ඇතුළු 09 දෙනකු ඉකුත් 14 දින සිට ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිඛෙනවා.
කතරගම වන්දනාවේ පැමිණි රත්මලේ පාර, දිවුලන් කඩවල පදිංචි 25 හැවිරිදි යුද හමුදා කෝප්‍රල්වරයකු මෙලෙස කොරෝනා ආසාදිතයකු ලෙස හදුනාගෙන තිබුණා.
මෙම හමුදා කෝප්‍රල්වරයා පසුගිය 07 වැනිදා කතරගම වන්දනාවේ පැමිණ අදාළ නිවාඩු නිකේතනයේ නවාතැන් ගෙන කිරිවෙහෙරට හා දේවාලයට ගොස් 08 වැනිදා ආපසු පිටත්ව ගොස් ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය වෙත දැනුම් දී තිඛෙනවා.
ඒ අනුව මෙම කෝප්‍රල්වරයා කතරගම පැමිණි මොහොතේ සිට ඇසුරු කළ පුද්ගලයන් සොයා කතරගම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විශේෂ විමර්ශනයක් ද මේ වන විට ආරම්භ කර ඇතැයි සඳහන්.
මෙම පුද්ගලයා කිරිවෙහෙරට හා දේවාලයට අමතරව සෙල්ලකතරගම හා අවට ස්ථාන කිහිපයකටම ගොස් ඇති අතර පුද්ගලයන් රැසක් ද ඇසුරු කර තිඛෙනවා.
මේ අතර, සීගිරිය පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයෙකු නිරෝධායනයට යොමු කර ඇත්තේ, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හමුදා නිලධාරියෙකු ඇසුරු කර ඇති බවට තොරතුරු හෙළි වීමත් සමගයි.
එමෙන්ම එහි පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු සෙසු නිලධාරීන් සියලූ දෙනා පොලිසිය තුළම හුදෙකලා කරමින් රාජකාරි කිරීමට සලස්වා තිඛෙනවා.
ඒ හේතුවෙන් ජනතාව සමග රාජකාරි කිරීම සඳහා දඹුල්ල පොලිසියෙන් කණ්ඩායමක් එහි කැඳවා ඇතැයි සඳහන්.
721 Views
Comments