වැලිකඩින් තවත් කොවිඩ් රෝගියෙක් වාර්තා වෙයි

කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ සිටි තවත් රැඳවියෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද (10) තහවුරු වී තිබෙනවා. එම රැඳවියා ගේ PCR පරීක්ෂණ පසුගිය 08 වෙනිදා සිදුකොට ඇති අතර පසුව ඔහුව බන්ධනාගාර රෝහලට ඇතුලත් කොට තිබෙනවා.
අද දිනයේදී ඔහුගේ PCR පරීක්ෂණ වාර්තා ලැබී ඇති අතර එහිදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ වන විට ඔහුව IDH රෝහලට මාරු කර යැවීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සඳහන්.
1285 Views
Comments