ඊයේ දිනය තුළ ආසාදිතයන් හදුනා ගත් ප්‍රදේශ
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
07

ඊයේ දිනය තුළ ආසාදිතයන් හදුනා ගත් ප්‍රදේශ

ඊයේ දිනය තුළ ආසාදිතයන් හදුනා ගත්  ප්‍රදේශ

ඊයේ දිනය තුළ හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් 649 දෙනා අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 295 දෙනෙකු ඊයේ (06) වාර්තා වී තිබේ.

 

මීට අමතරව ගම්පහන් 87ක් සහ කළුතරින් 51 දෙනෙකු ඊයේ දිනයේ හඳුනාගෙන තිබේ.

 

විදේශ රටක සිට පැමිණි එක් ශ්‍රී ලාංකිකයෙකු ද කොවිඩ් ආසාදිතයෙකු ලෙස ඊයේ හඳුනාගෙන තිබුණි.

 

මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 27,876කි. ඉන් 20,459 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා

 

කොරෝනා හේතුවෙන් මෙරට තුළ සිදුවී ඇති සමස්ත මරණ සංඛ්‍යාවද 140ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

 

 

 

views

537 Views

Comments

arrow-up