බැසිල්ට පනවා තිබූ විදෙස් ගමන් තහනමත් ඉවතට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
30

බැසිල්ට පනවා තිබූ විදෙස් ගමන් තහනමත් ඉවතට

බැසිල්ට පනවා තිබූ විදෙස් ගමන් තහනමත් ඉවතට

ලිත් හා GI පයිප්ප නඩු සම්බන්ධයෙන්, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ දිවිනැගුම සංවර්ධණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව කොළඹ මහාධිකරණ හමුවේ, පවරා තිබු නඩු දෙකක් ද, අද කැඳවීය.

 

ඒ විත්තියේ නිතිඥයින් මෝසම් මගින් කළ ඉල්ලීම් අනුවයි. එහිදී විත්තිකරුවන් එරෙහිව පනවා තිබු විදෙස් ගමන් තහනම් ඉවත් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල සහ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත යන මහත්වරු නියෝග කළහ.

 

මේ අතර, 2015 ජනාධිපතිවරණ සමයේදී දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි අනූහතර ලක්ෂයක් වැය කරමින්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රුව ඇතුළත් ලිත් පනස්ලක්ෂයක් මුද්‍රණය කර බෙදා හැරීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවට අදාළව මෙම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ද ඉවත් කෙරුණා.

 

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොලගේ නියෝගයකට අනුවයි.

 

 

 

 

views

461 Views

Comments

arrow-up