පල්ලියට ගිහින් කිව්වත් PCR පරීක්ෂණවලට කවුරුත් එන්නේ නෑ – දිසා ලේකම් කලකිරීමෙන්

අටලුගම ප්‍රදේශයේ ජනතාව පී.සී.ආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවීම නිසා බණ්ඩාරගම, අටුලුගම කොරෝනා තත්ත්වය පාලනය කර ගැනීමට අපහසු වී ඇතැයි කළුතර දිසා ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා පවසනවා.
අද දිනය වන විටත් අටලුගම ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් 15 දෙනෙකු හඳුනාගත් බවත් පසුගිය දින කිහිපයේ දී PCR පරීක්ෂණ 1000කට අධික ප්‍රමාණයක් සිදුකිරීමට නියමතිව තිබුණද ඒ පරීක්ෂණ සඳහා පැමිණ ඇත්තේ 20-30 ක පමණ ප්‍රමාණයක් පමණක් බවත් ඔහු සඳහන් කළා,
ජනතාව පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔවුන් එකතුවන පල්ලිය වෙත ගොස් දැනුවත් කිරීම් සිදුකළද එම උත්සාහයෙන් ද ඵලක් සිදු නොවූ බවයි ප්‍රසන්න ගිනිගේ මහතා පැවසුවේ.
කෙසේ වුවද හෙට දිනයේදී PCR පරීක්ෂණ 500 ක් සඳහා සියල්ල සූදානම් කර ඇති බවත් හෙට දිනයේදීවත් ජනතාවගේ සහභාගීත්වය බලාපොරොත්තුවන බවත් දිසා ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවා.
835 Views
Comments