ඇඟලුම් සේවිකාවගේ දියණියගේ පාසැල් මිතුරියන්ට කොවිඩි ආසාදනය වී නැහැ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
06

ඇඟලුම් සේවිකාවගේ දියණියගේ පාසැල් මිතුරියන්ට කොවිඩි ආසාදනය වී නැහැ

ඇඟලුම් සේවිකාවගේ දියණියගේ පාසැල් මිතුරියන්ට කොවිඩි ආසාදනය වී නැහැ

කොවිඩ් ආසාදිත කාන්තාවගේ දියණිය ඉගෙනුම ලබන පාසලේ පන්ති කාමරයේ සිසු සිසුවියන් 42 දෙනා ඇතුළු ඇය ඇසුරු කළ සිසුසිසුවියන් 48දෙනෙකුගෙන් කිසිවෙකුට හෝ වයිසරය ආසාදනය වී නොමැත.

 

අසාදිත ඇඟලුම් සේවිකාවගේ දියණියගේ පන්තියේ ළමුන් 42දෙනෙකුද, එම පන්තිය අසළ තවත් පන්තියක ළමුන් 6 දෙනෙකු ද වශයෙන් ළමුන් 48 දෙනෙකු ඊයේ (05) විදුහලේදී P.C.R පරීක්ෂණයට ලක් කරනු ලැබුවා.

 

එහි ප්‍රතිඵල අනුව එයින් කිසිවෙකුටත් වයිරසය ආසාදනය වී නැති බව සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී තිබේ.

 

පන්තියේ සිසුසිසුවියන් 42 දෙනා මීගමුවේ නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටින අතර සෙසු සිසු සිසුවියෝ 6දෙනා ඔවුන්ගේ නිවෙස්වලම නිරෝධායනය වෙමින් පසුවෙනවා.

 

විදුහලේ ගුරුවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනා ද පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබු අතර, ඒවායේ ප්‍රතිඵල වාර්තා මෙතෙක් ලැබී නැහැ.

 

views

1192 Views

Comments

arrow-up