“අපිට වැරදුණා. තනියම ඉල්ලන්න තිබුණේ.” දයාසිරි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
10

“අපිට වැරදුණා. තනියම ඉල්ලන්න තිබුණේ.” දයාසිරි

“අපිට වැරදුණා. තනියම ඉල්ලන්න තිබුණේ.” දයාසිරි

ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දී, මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙනම තරග කිරීමට තිබුණු බව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

 

සති අන්ත පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඔහු මේ බව පවසා තිබුණි.

 

මාධ්‍යවේදියා : ශ්‍රීලනිපය ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙක් දැම්මේ නෑ. මහමැතිවරණයේ දී ලකුණ ප්‍රශ්නයක් කර නොගෙන පොහොට්ටුවෙන් ඉල්ලන්න කැමති වුණා. නාමයෝජනා අඩුවෙන් ලැබුණ එකත් ඉවසුවා. ඔයතරම් ඉවසන්නේ ඇයි..?

 

දයාසිරි : ඇත්තටම අපි වැරැද්දක් කළා. අපට වෙනම ඉල්ලන්න තිබුණා. ජනාධිපතිතුමාව පත් කරන්න පමණක් සහයෝගය දීලා වෙනම මහමැතිවරණයට ඉදිරිපත් වූනා නම් හොදයි. ඒත් අපේ සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීවේ එකට ඉල්ලමු කියලයි. අන්තිමේ දී අපි වෙනම ඉල්ලුවානම් අපිට අපේක්ෂකයන් විශාල ප්‍රමාණයක් මැතිවරණයට ඉදිරිපත් කරන්න තිබුණා.

 

පාර්ලිමේන්තුවට සැලකියයුතු ප්‍රතිශතයක් යන්න තිබුණා. අපි එකට ඉල්ලන්න තීරණය කළාට පස්සේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට යුතුකමක් තිබුණා යම් ප්‍රමාණයක් නාමයෝජනා අපට දෙන්න. එහෙත් ශ්‍රී ලනිපයේ මහගෙදර වගේ ගම්පහටත් නාමයෝජනා එකක් පමණයි ලැබුණේ. එහෙම තියෙද්දීත් අපි එකට යන්න තීරණය කළා. නාමයෝජනා 58 ක් ඉල්ලුවත් අපට ලැබුනේ 26 ක් විතරයි. දැන් අපේ පක්ෂයේ 26 දෙනාවම ඇතුළට ගේන්න ඕනෑ. ජනතාව ඒ කටයුත්ත කරයි කියලා මං විශ්වාස කරනවා.

 

views

1026 Views

Comments

arrow-up