සහල් මිල රු.8කින් පහත දමා සහල් කර්මාන්තය වට්ටනවා – ජාතික සංවිධාන

සහල් පාලන මිල පහත දැමීම පිළිබඳව සහල් කර්මාන්ත කරුවන්ගෙන් සහ වී ගොවීන්ගෙන් මතුවන විරෝධය පිළිබඳව ජාතික සංවිධානවල මතය වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා රන්ගිරි රූපවාහිනියට කළ ප්‍රකාශය.
” අපේ රටේ සහල් මාෂියාවක් නැහැ – තියෙන්නේ තිරිඟු පිටි මාෂියාවක්.
ඔවුන් පනත් 3ක් යටතේ රෙගුලාසි වෙනස් කරලා පාන් පිටි වලට පනවා තිබූ ආනයන බදු කි.ග්‍රෑම් 1 කට රු. 28 කින් අඩුකර ගත්තා.
දැන් ඉතා සූක්ෂමව නිලධාරීන් හරහා සහල් වෙළඳපළ, සහල් කර්මාන්තය සහ වී ගොවියා වට්ටන්නා ඉතා සූක්ෂම ක්‍රමයක් අනුගමනය කරලා තියෙනවා. ඒ තමා වී ගොවියාට සහතික මිල ගෙවන්න බැරි වෙන විදිහට සහල් පාලන මිල පහත දැමීම.
ඒකෙන් පාරිභෝගිකයාට ලැබෙන විශේෂ සහනයක් නැහැ. හාල් කි.ග්‍රෑම් 1 කින් එක වේලකට 8 දෙනෙක් කනවා. හාල් රු. 8 කින් අඩුකලාම එක අයෙකුට වෙන්නේ රු. 1 කට අඩු මිලක්. නමුත් ඒ ගොන් වැඩෙන් පවුල් ලක්ෂ 8 මිනිසුන්ගේ ජිවිත ඇද වැටෙනවා.
මහා මෝල් හිමියන්ට මිල අඩු කිරීම දරාගන්න පුළුවන් ඔවුන් ළඟ අඩු මිලට ගත් වී තොග, විශේෂයෙන්ම කීරි සම්බා තොග තිබෙන නිසා. කැකුළු කි.ග්‍රෑම් 1 ක් 95 කරලා නාඩු තැම්බූ සහල් 100 කරලා, සම්බා 105 කරලා, කීරි සම්බා 110 හෝ 115 කලොත් විතරයි කර්මාන්තයට පවතින්න පුළුවන්. “
767 Views
Comments