ඉතාලි මගී නෞකාවේ සිටින ලාංකික සූපවේදියාට මෙරටට ගොඩබැසීම සඳහා අවසර

ඔස්ට්‍රේලියාවේ සිට ඉතාලිය බලා යාත්‍රා කරන එම්.එස්.සී. මැග්නිෆිකා මගී නෞකාවේ සිටි ශ්‍රී ලාංකික සූපවේදියාට මෙරටට ගොඩබැසීම සඳහා අවසර ලබාදිමට තීරණය කර තිබේ.
අනුර හේරත් නම් මෙම සූප වේදියා ශ්‍රී ලංකාවට ගොඩබැසීම සඳහා අවසර ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක මහතා අද දෙරණට සඳහන් කළේ ඉන්ධන ලබාගැනීම සඳහා අදාල නෞකාව අද අද කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලාමට නියමිත අතර එහිදී ඔහු ගොඩබිමට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.
මේ අතර ඕස්ට්‍රේලියාවේ සිට ඉතාලිය බලා යාත්‍රා කරන එම්.එස්.සී. මැග්නිෆිකා නම් මගී නෞකාව ඉන්ධන ලබාගැනීම සඳහා අද කොළඹ වරායේ නැංගුරම් ලෑමට නියමිතව ඇත.
මෙහි සිටින අනුර හේරත් නම් ශ්‍රී ලාංකික සූපවේදියා තමන්ට ශ්‍රී ලංකාවට ගොඩබැසීම සඳහා අවසර ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.
ඒ, අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින්.
667 Views
Comments