සුනිල් රත්නායකට ජනාධිපති සමාව හිමිවීම ගැන දෙමළ සන්ධානයේ විරෝධය
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
30

සුනිල් රත්නායකට ජනාධිපති සමාව හිමිවීම ගැන දෙමළ සන්ධානයේ විරෝධය

සුනිල් රත්නායකට ජනාධිපති සමාව හිමිවීම ගැන දෙමළ සන්ධානයේ විරෝධය

මිනීමැරුමක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වැරදිකරු ලෙස තීන්දු කළ යුද හමුදා මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති සමාව හිමිවීම සම්බන්ධයෙන් දැඩිලෙස කණගාටු වන බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්ත් මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පවසනවා. හිටපු මන්ත්‍රීවරයා යාපනයේදී මාධ්‍යවේදීන් පිරිසක් සමග මේ බව පවසා තිබේ.

 

විශේෂයේ කොවිඩ් 19 වෛරසය පිළිබඳව අවදානම් සහගත තත්වයක් මතුව ඇති පසුබිමක, ඒ සම්බන්ධයෙන් සමස්ත රටම කතාබහ කරන අතරතුර සුනිල් රත්නායකට සමාව දීමට ජනාධිපතිවරයා තීරණය කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි සේනාධිරාජා මහතා පවසන්නේ.

 

ජාත්‍යන්තරයෙන් රටට දැඩි විරෝධයක් එල්ලවෙමින් තිබියදී අත්තනෝමතික ලෙස අධිකරණයට ඇඟිලි ගැසීම භයානක තත්වයක් බවත්, යුද සමයේදී අත්අඩංගුවට ගත් දේශපාලන සිරකරුවන් තවමත් සිරගතව සිටියදී සිවිල් වැසියන් ඝාතනයට වැරදිකරුවන් වූ හමුදා නිළධාරීන් නිදහස් කිරීම බරපතල අසාධාරණයක් බවත් ඔහු පෙන්වා දෙනවා.

views

733 Views

Comments

arrow-up