රිෂාඩ්ට එරෙහි විල්පත්තු නඩුවේ තීන්දුව හෙට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
30

රිෂාඩ්ට එරෙහි විල්පත්තු නඩුවේ තීන්දුව හෙට

රිෂාඩ්ට එරෙහි විල්පත්තු නඩුවේ තීන්දුව හෙට

විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපයේ පරිවාර වනාන්තර කලාපය හෙළිකොට අනවසර ඉදිකිරීම් සිදුකිරීමට එරෙහිව හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති රීට් පෙත්සමට අදාළ තීන්දුව හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.


පසුගිය වසර කිහිපයේදීම විල්පත්තුව අවට සිදුකර තිබූ මහා වන විනාශය පිළිබඳ අවස්ථා ගණනාවකදී වරින් වර මාධ්‍ය මගින් අනාවරණ කළ අතර, ඒ සම්බන්ධයෙන් සමාජයේ මහත් ආන්දෝලනයක්ද ඇති වුණා.


සමාජ මාධ්‍යවලද විල්පත්තු වන විනාශය පිළිබඳව කථිකාවක් නිර්මාණය වූ අතර, පරිසර යුක්ති කේන්ද්‍රය විසින් විල්පත්තු වනාන්තර කලාපය ආසන්නයේ මන්නාරම – සිලාවතුර – මරිච්චකට්ටු රක්ෂිත වනාන්තර කලාපය සුනු විසුනු කිරීම පිළිබඳව අධිකරණයට නඩුවක් ගොනු කළේ ඒ අතරතුරයි.
පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර තිබූ අදාළ පෙත්සම පසුගියදා ජනත් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ විභාග කළා.


රීට් පෙත්සමට අදාළ තීන්දුව ජුලි මස 31 වැනිදා ප්‍රකාශ කරන බව නිවේදනය කළ විනිසුරු මඬුල්ල, මෙම නඩුවට අදාළව 2018 වසරේ අගෝස්තු 28 වැනිදා තමන් විසින් ගොනු කරනු ලැබූ ලිඛිත දේශන තවදුරටත් අදාළ කර ගන්නා ලෙස එහි වගඋත්තරකරු ලෙස නම් කර සිටින රිෂාඞ් බදියුදීන් මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී තිබුණා.


පරිසර යුක්ති කේන්ද්‍රය අධිකරණයට කරුණු දක්වා තිබුණේග විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ මරිච්චකට්ටු රක්ෂිත වනාන්තර කලාපයේ අක්කර 2388ක් හෙළි පෙහෙළි කොට එහි අනවසර ඉදිකිරීම් සිදුකිරීම තුළින් විශාල පරිසර හානියක් සිදුව ඇති බවයි.

 

views

666 Views

Comments

arrow-up