ඔබ නිර්මාංශකයිද?
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
06

ඔබ නිර්මාංශකයිද?

ඔබ නිර්මාංශකයිද?

අද සමාජයේ බොහොමයක් තරුණ තරුණියන් නිර්මාංශ ආහාරයන්ට පුරුදු වී සිටියි. එහෙත් නිර්මාංශ ආහාර පමණක්ම ගැනීම තුලින් සියලු පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමට අප වැනි රටක ජීවත්වන පුද්ගලයන් බොහෝ දෙනෙකුට නොහැකි බව ඔබ දන්නවා ද?

නිර්මාංශ ආහාර පමණක් ලබා ගන්නා පුද්ගලයන් තම සිරුරට අවශ්‍ය සියළු පෝෂ්‍ය කොටස් ලැබෙන්නේද යන්න පිළිබඳව ඔබත් වැඩි සැලකිල්ලක් අනිවාර්යයෙන්ම දැක්විය යුතුය.

ප්‍රොටීන් යනු එදිනෙදා ආහාර වේලට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයකි. පුද්ගලයන්ගේ ශරීරයේ බර අනුව ලබා ගත යුතු ප්‍රොටීන් ප්‍රමාණය වෙනස් වෙයි. ශරීරයේ බර කිලෝ ග්‍රෑම් එකකට ප්‍රොටීන් ග්‍රෑම් එකක් අනිවාර්යයෙන්ම ඔබ ලබා ගත යුතුයි.

ඔබගේ බර කිලෝග්‍රෑම් 60 ක් නම් ඔබ විසින් දෛනිකව ලබා ගත යුතු ප්‍රොටීන් ප්‍රමාණය ග්‍රෑම් 60 ක් වේ. නිර්මාංශයෙන් තොර පුද්ගලයන්ට මෙම දෛනික අවශ්‍යතාව සපුරා ගැනීම එතරම් ප්‍රශ්නයක් නෙවෙයි.

නමුත් නිර්මාංශයට හුරුවූ පුද්ගලයන් මෙම පෝෂණ අවශ්‍යතාව ලබා ගත යුත්තේ කිරි, පරිප්පු , සෝයා, මුංඇට වැනි ආහාර වර්ග වලිනි.

නමුත් මේ ආහාර පමණක්ම ප්‍රමාණවත් නොමැති බව ඔබ දැන සිටීම වැදගත් වෙයි. එම නිසා නිර්මාංශ ඔබ ප්‍රොටීන් බහුලව අඩංගු විවිධ ආහාර වර්ග නිරන්තරයෙන් තම ආහාරයට යොදා ගැනීම ඉතාම වැදගත් වේ.

views

579 Views

Comments

arrow-up