බබාට බෙහෙත් දෙනවිට සිදුවන වැරදි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
05

බබාට බෙහෙත් දෙනවිට සිදුවන වැරදි

බබාට බෙහෙත් දෙනවිට සිදුවන වැරදි

දරුවන් අසනීප වෙනකොට දෙමව්පිය ගොඩක් බය වෙනවා. ඒනිසාම නිසියාකාරව ඔවුන්ට බෙහෙත් ලබා දෙන්න දෙමව්පියන් හැමවිටම උත්සාහ කරනවා. නමුත් සමහර අත්වැරදීම් නිසා බබාලට බෙහෙත් ලබාදෙන අවස්ථාවන්වලදී වැරදි සිද්ධ වෙන්න පුළුවන්. මේ ඒ පිළිබඳ දැනුවත් කිරීමක්.

වෛද්‍ය අනුමැතිය නැතිව බෙහෙත් දෙන්න එපා

දරුවන්ට හැදෙන ලෙඩ රෝග වලට ඔබ අනුමාන කරලා බෙහෙත් දෙන්න යන්න එපා. වෛද්‍ය නිර්දේශයන්ගෙන් තොරව තමන් තෝරා ගන්නා බෙහෙත් වල විවිධ රෝග ලක්ෂණ සඳහා යෝග්‍ය වුනත් සෑම බෙහෙත් වර්ගයකම එකම වර්ගයේ අමුද්‍රව්‍ය අඩංගු වෙන්නේ නැහැ. ඒ නිසා දරුවන්ගේ සෞඛ්‍යට දිගුකාලීන නරක ප්‍රතිපල ඇති කරන්න පුළුවන්. නමුත් හෙම්බිරිස්සාවක් හැදීගෙන එනකොට ස්වභාවිකව දිය හැකි බෙහෙත් උත්සාහ කරලා බලන්න පුළුවන්. ඉඟුරු කොත්තමල්ලි පස්පංගුව ඒ අතර ප්‍රධාන වෙනවා.

අනුමත කාලය පුරාම බෙහෙත් ලබා දෙන්න.

බොහෝ දෙනා මේ වැරැද්ද නම් සිදුකරනවා. දරුවාට බෙහෙත් ටිකක් දුන්නට පස්සේ ටික දවසකින් ඔහු සුව වෙනවා. ඉන්පසු බෙහෙත් නොදී ඉන්නවා. නමුත් වෛද්‍යවරයා මේ බෙහෙත් ලබා දෙන්නේ දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ දිහා බලලා. මේ නිසා දරුවා සුව අතට පත්වුණ බව දැනගන්නට ලැබුණත් නිර්දේශිත කාලය තෙක්ම ඒ බෙහෙත් ලබාදීම අනිවාර්ය වෙනවා.

සෞඛ්‍ය ගැටළුවක් නැතුව බෙහෙත් දෙන්න එපා

සමහර දෙමවුපියන් දරුවන්ට අසනීපයක් නැති වුණත් ඔවුන්ගේ කරදරකාරී හැසිරීමෙන් බේරෙන්න කැස්ස පැණියෙන් ටිකක් එහෙම දීලා නිදි කරවන්න උත්සාහ කරනවා. නමුත් ඒක දරුවන්ගේ ක්‍රියාකාරීත්වය අඩපණ කරන්න හේතුවෙන බව ජෝර්ජ් ටවුන් විශ්වවිද්‍යාලයේ සමීක්ෂණයකින් වාර්තා වෙලා තියෙනවා. මේ වෙනුවට ඔවුන්ට කැමතිම සෙල්ලම් බඩුවක් පෝෂණීය රසවත් කෑම වර්ග කීපයක් දීල ඔවුන්ව ඉවසීමෙන් බලා ගන්න ඔබට සිද්ධ වෙනවා.

නිසි මාත්‍රාව මනින්න

කුඩා දරුවන්ට විශේෂයෙන්ම බෙහෙත් වර්ග ලබා දීමේදී මේස හැන්ද තේ හැන්ද යන ප්‍රමාණවලින් වෛද්‍යවරුන් බෙහෙත් නියම කරනවා. ඉතින් ඒවා නිවැරදි ප්‍රමාණයන් ගිහින් මැන බෙහෙත් ලබාදීම අත්‍යවශ්‍ය වෙනවා. නිවසේ දී ඒ සඳහා අපහසුතාවයකට පත් වෙන්න ඔබට සිද්ධ වුණොත් ඊට අදාල මිලිලීටර් ප්‍රමාණය දැනගෙන සිරින්ජරයක් භාවිතයෙන් ඔබට හරියටම මැන ගන්න පුළුවන්.

නියමිත මාත්‍රාවට වැඩිය දෙන්න එපා

වෛද්‍යවරුන් දරුවන් වෙනුවෙන් නියම කරන නියමිත මාත්‍රාවට වඩා ඔබ බෙහෙත් දෙන්න යන්න එපා. එය දරුවාගේ සෞඛ්‍යයට නරක ලෙස බලපානවා. ඒ වගේ වෙලාවක ඔවුන්ට බෙහෙත් ලබාදුන් කාල කාලසීමාව නිසි ලෙස සටහන් කර ගෙන ඒවා අමතක නොකර නිසි මාත්‍රාවට නිසි කාල සීමාවට පමණක් බෙහෙත් ලබා දෙන්න උත්සාහ කරන්න.

 

 

 

 

 

 

 

by Dilki Shamani

 

views

1013 Views

Comments

arrow-up