නිවෙසට නැවුම් පෙනුමක් දෙන්නේ කොහොමද?
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
22

නිවෙසට නැවුම් පෙනුමක් දෙන්නේ කොහොමද?

නිවෙසට නැවුම් පෙනුමක් දෙන්නේ කොහොමද?

නිවසට කල එළියක් කැඳවන්නට හැම කෙනෙක්ම කැමැති ය. විශේෂයෙන්ම ගෘහණිය මේ සම්බන්ධව උනන්දු වන බව අපි දනිමු. මෙහිදී හිතේ හැටියට නැතත් අතේ ඇති මුදලට නිවස හැඩ කර ගත හැකි ආකාරය පිළිබඳව මේ ලිපියෙන් අපි ඉදිරිපත් කරමු.
හොඳින් අස්පස් කර පිරිසිදු කරන්න.


නිවසට නැවුම් පෙනුමක් ගෙන දෙන්නට කැමති හැම කෙනෙක්ම මුලින්ම අවධානය යොමු කළ යුත්තේ මේ කාරණයටයි.කොතරම් අලුත් බඩු භාණ්ඩ ගොඩ ගැසුවත් නිවසේ අපිළිවෙල තිබේ නම් නිවසට නැවුම් පෙනුමක් එක් වන්නේ නැත. මේ නිසා මුලින්ම අහුමුලු හොඳින් අතුගා පිරිසිදු කර මකුළුදැල් කඩා අනවශ්‍ය බඩු බාහිරාදිය තිබේ නම් ඒවා ඉවත් කර නිවස පිරිසිදුව තබා ගන්න.


ගෘහ භාණ්ඩ පිළිවෙල වෙනස් කරමු.


වසරක් පාසා අළුතින් ගෘහ භාණ්ඩ මිලදී ගැනීම හැම කෙනෙකුටම කළ හැකි දෙයක් නොවේ. එසේම කලින් කලට විවිධ ගෘහ භාණ්ඩ මිලදී ගැනීමෙන් ඉඩ කඩ ඇහිරීමයි. මේ නිසා තිබෙන ගෘහ භාණ්ඩ වලට වෙනසක් එක් කර ගත හැකි නම් එය වඩාත් හොඳ වෙනසකි. මෙහිදී විසිත්ත කාමරයේ නම් සෝපාව ඇති දිශාව වෙනස් කරන්න. නිදන කාමරයේ ඇඳ තබා ඇති දිශාව වෙනස් කරන්න. මෙහිදී ඇද බිත්තිය අයිනට කර තබා තිබේ නම් එය මැදට ගෙන එහි දෙපසට ස්ටූල දෙකක් තබා මල් සැකසුම් හෝ විදුලි ලාම්පු තබා නිදන කාමරයට වෙනසක් එක් කරන්න.


පරණ ගෘහ භාණ්ඩ පොලිෂ් කරන්න.


නිවසක් පිළියෙල කිරීමට අළුතින් ගෘහ භාණ්ඩ මිලදී ගැනීම අවශ්‍ය වන්නේ නැත. තිබෙන ගෘහභාණ්ඩ තිබුණු වර්ණයෙන්ම හෝ වෙනත් වර්ණයකින් පොලිෂ් කරන්න. මෙහිදී ලී පැහැය වෙනුවට සුදු පැහැය වුවත් භාවිතා කළ හැකිය. එමගින් ඔබ නොසිතන වෙනසක් එක්කරගත හැකිය.


විසිතුරු මල් සැකසුම් කිහිපයක්.


විවිධ මල් සැකසුම් ඕනෑ තරම් වෙළඳපොලේ මිලදී ගැනීමට තිබේ. මෙහිදී ඔබේ නිවසේ ඇති වර්ණ වලට සුදුසු මල් සැකසුම් කිහිපයක් නිවසේ අලංකාරය උදෙසා උපයෝගී කර ගත හැකිය.


අලුත් විදුලි ලාම්පු


ආලෝකය විවිධ ආකාරයෙන් විහිදුවන විදුලි ලාම්පු ඕනෑතරම් වෙළඳපොලේ මිලදී ගැනීමට තිබේ. ඔබේ නිවසට ගැලපෙන එවැනි විදුලි ලාම්පු කිහිපයක් එක්කර ගැනීමෙන් නිවෙසට නව පෙනුමක් එක්කර ගත හැකිය.

 

 

 

 

 

 

 

 

views

682 Views

Comments

arrow-up