මේ අයට හදවත් රෝග අවදානම වැඩියි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
19

මේ අයට හදවත් රෝග අවදානම වැඩියි

මේ අයට හදවත් රෝග අවදානම වැඩියි

හදවත මගින් සිරුරේ සෑම ස්ථානයකටම අවශ්‍ය රුධිරය බෙදා හරිනවා. ඒ වගේම හදවත හොඳින් ක්‍රියා කිරීම සඳහාද මනා රුධිර සැපයුමක් අවශ්‍ය වෙනවා. හෘදයට රුධිරය සපයන රුධිර නාල වල බිත්තියෙහි මේද තැන්පත් වීම නිසා නාල පටු වෙනවා. මෙම පටු නාළවල රුධිර කැටි ඇති වෙනවා. රුධිරයේ කැටි නිසා හදවතට රුධිරය සපයන නාළ අවහිර වී එම නාළ මගින් රුධිර සපයන හෘද පේශි පටක මිය යනවා. මෙය ක්ෂණිකව හෝ ක්‍රමයෙන් සිදු වෙන්න පුළුවන්. රුධිර නාළවල අවහිර වීම නිසා නිසි ප්‍රතිකාර කඩිනමින් නොලැබුණ විට හෘදයාබාධයකින් මිය යෑමේ අවදානම වැඩි වෙනවා.

ඕනෑම කෙනෙකුට වැරදි ගති පැවතුම් නිසා හෘදයාබාධයක් සෑදීමේ අවදානමක් පවතින නමුත් වැඩි වැඩි අවදානමක් ඇති පිරිසක් සිටිනවා. හෘදයාබාධයකට ප්‍රධාන වශයෙන් හේතුවන සාධක ගණනාවක් තිබෙනවා. එනම්,

 

  •  දුම්පානය
  • රුධිරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අධික වීම
  • ස්ථුලතාවය
  • අධික රුධිර පීඩනය
  • දියවැඩියාව
  • ව්‍යායාම මදකම
  • මානසික ආතතිය
  • ජානමය සාධක එනම් පරම්පරාවෙන් එම රෝගය තිබීම


මීට අමතරව උපත් බර අඩු වීම වැනි හේතු ද සුළු වශයෙන් සලකා බැලිය හැකියි.

ඔබත් ඉහත සඳහන් ලක්ෂණ ඇති පුද්ගලයකු නම් ඔබටත් හෘදයාබාධ වැළඳීමේ වැඩි අවදානමක් තිබෙනවා.

ලොව පුරා බිලියන 6 කට අධික ලෝක ජනගහනයෙන් බිලියනයකටත් අධික පිරිසක් හදවතට හානිකරන තත්ත්වයන්ගෙන් පීඩා විඳින බව ඔබ දන්නවාද? කෙනෙකුට මොළය මිය ගොස් ජීවත් විය හැකි නමුත් හදවත නතර වුනොත් ජීවත්වීමේ වාසනාව අහිමි වෙනවා. ලංකාවේ වාර්ෂිකව මියයන ජනතාවගෙන් සියයට හැත්තෑවක් මිය යන්න යන්නේ හදවත් රෝග දියවැඩියාව ආඝාතය පිළිකා වැනි බෝ නොවන රෝග නිසයි.

අහිතකර කොලෙස්ට්‍රෝල් මගින් නහර අවහිර වී ඇති විටෙක ක්‍රම තුනක් මගින් මගින් කොලෙස්රෝල් ඉවත් කළ හැකියි. කා අතරත් ජනප්‍රිය කාඩියැක් බයිපාස්, ස්ටෙන්ටිං නැත්නම් දැලක් වැනි උපකරණයක් දැමීම ඇන්ජියෝ ප්ලාස්ටි හෙවත් බැලූනයක් දමා නහර පලල් කිරීම එම ක්‍රම තුනයි. රුධිර නාල තුනම අවහිරවී ඇත්නම් බයිපාස් සැත්කමෙන් නාල අවහිරතා ඉවත් කිරීම සිදු කරනවා. එහෙත් නාල එකක් හෝ දෙකක් අවහිරවී ඇත්නම් ඇන්ජියෝ ප්ලාස්ටික් හෝ ස්ටෙන්ටිං සිදුකරනවා.

බොහෝ දෙනා සිතා සිටින්නේ පපුවේ ඇතිවන සෑම වේදනාවක්ම හෘදයාබාදයක් කියලා. ඒත් විවිධ හේතු නිසා පපුවේ වේදනාවක් හට ගන්නවා. හුස්ම ඉහළ පහළ යන විට දැනෙන වේදනාව හෘදයාබාධ නිසා ඇතිවන වේදනාවක් නොවේ. හෘදයේ යම් ගැටලුවක් නිසා ඇතිවන ඕනෑම වේදනාවක් අඩුම ගණනේ මිනිත්තු කිහිපයක් එක දිගට පවතිනවා.

මේ නිසා හදවත් රෝග වලට මග කියන අහිතකර ජීවන රටාවන් ගෙන් මිදී යහපත් සෞඛ්‍ය පුරුදු ඇති කර ගැනීමට සෑම විටම උත්සාහ කරන්න.

 

 

 

 

 

 

 

by Dilki Shamani

views

961 Views

Comments

arrow-up