ඉලෝන් ඉන්දුනීසියාවේ ආයෝජනය කරයිද?
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
09

ඉලෝන් ඉන්දුනීසියාවේ ආයෝජනය කරයිද?

ඉලෝන් ඉන්දුනීසියාවේ ආයෝජනය කරයිද?

ආසියාවේ නැගීඑන රාජ්‍යක් ලෙස ඉන්දුනීසියාව සැලකෙන අතර ඉන්දුනීසියාවේ සමුද්‍රීය හා ආයෝජන කටයුතු සම්බන්ධීකරණ අමාත්‍යාංශයට අනුව එහි ජනාධිපති ජෝකෝ විඩෝචෝ මේ දිනවල සාකච්ඡා පවත්වමින් සිටින්නේ ලෝක ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයකු වන ස්පේස් X-Spacex ආයතනයේ ප්‍රධානී එලෝන් මස්ක් සමඟයි.

 

ඔහු ලොව ධනවත්කම අතින් දෙවැන්නා වන අතර ඉන්දුනීසියාව තුළ ඉදිරි අනාගතයේදී එම සමාගමේ අභ්‍යවකාශ යානා රැගෙන යන රොකට් දියත් කළ හැකි අභ්‍යවකාශ තොටුපළක් ඉදිකිරීමට ඇති හැකියාව පිළිබඳ සොයාබැලීම මේ සාකච්ඡාවේ අරමුණවී තිබේ. ඒ අනුව ඇමෙරිකා ඩොලර් 12 වැනි වත්කම් හිමි එලෝන් මස්ක්ගේ සමාගම් සමඟ දැනටමත් හවුල් ව්‍යාපාර අරඹා ඇති ඉන්දුනීසියාව ඔහුගේ ටෙස්ලා සමාගම සමගද විදුලි බැටරි නිපදවීම සඳහා වූ හවුල්කාරීත්වය අපේක්ෂාවෙන් මෙම සාකච්ඡාව සිදුකර ඇත. මෙලෙස පැවති සාකච්ඡා වලින් අනතුරුව අභ්‍යවකාශ ගුවන්තොටක් සඳහා ආයෝජනයට ඉන්දුනීසියානු භූමිය සුදුසුදැයි බැලීමට එලෝන් මස්ක්ගේ නියෝජිත පිරිසක් ඉන්දුනීසියාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

 

 

මෙම සාකච්ඡා කළ යුතු එක් විකල්පයක් වන්නේ මධ්‍යම ජාවාහි බලාගාරයක් ඉදිකිරීමයි. ඉන්දුනීසියාව තඹ, නිකල් සහ ටින් විශාල නිධි වලින් සමන්විත වන අතර ලොව විශාලතම විදුලි වාහන බැටරි නිෂ්පාදකයා බවට පත්වීම අරමුණු කරයි. ඉන්දුනීසියාවේ ජාතික ගුවන් හා අභ්‍යවකාශ ආයතනය (LAPAN) සිය පළමු අභ්‍යවකාශ ගුවන්තොටුපළ ඉදිකිරීමට සැලසුම් කර තිබේ. එය පැපුවා දූපතේ බියාක් හි පිහිටා ඇත. එහි මහා පරිමාණ අභ්‍යවකාශ සංවර්ධනයට ජාත්‍යන්තර ආයෝජකයින් අවශ්‍ය වන අතර ස්පේස්එක්ස් එය වෙත ළඟා විය හැකි හවුල්කරුවන්ගෙන් එකකි. ඉහළ පරිමාවකින් යුත් දීර්ඝ කාලීනව භාවිතා කළ හැකි බැටරි සඳහා නිකල් විශාලතම අභියෝගය ලෙස සැලකේ.

 

ඒ අනුව නිකල් බහුල රාජ්‍යන් වන ඕස්ට්‍රේලියාව සහ කැනඩාව ඉතා හොඳින් මෙම අභියෝගයට මුහුණදෙන අතර එක්සත් ජනපද නිකල් නිෂ්පාදනය ඊට සාපේක්ෂව ඉතා අඩු අගයක් ගනී. එලෙස සලකා බැලීමේදී ඉන්දුනීසියාව විශිෂ්ඨ ස්ථානයක පසුවන බව මස්ක් මහතා මේ වසර මුලදී ට්වීට් පණිවිඩයක් මගින් පෙන්වාදී තිබේ. ඉන්දුනීසියාව තුළ පවතින ස්වභාවික සම්පත් නිධි වල වටිනාකම ඒ තුළින් මනාව අනාවරණය කර තිබෙනවා. ඉන්දුනීසියාව සහ මස්ක් අතර පවත්නා මෙම සාකච්ඡා සාර්ථක වෙමින් මෙම ව්‍යාපෘතිය ඉදිරියේදී එරට තුළ ක්‍රියාත්මක වුවහොත් ආසියාව තුළ නැගී එන තාක්ෂණික දැවැන්තයන් අතරට ඉන්දුනීසියාවද එක් වනු ඇති බව විශේෂඥයන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

701 Views

Comments

arrow-up