ලංකාවේ බැංකු සතු සැබෑ වගකීම
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
10

ලංකාවේ බැංකු සතු සැබෑ වගකීම

ලංකාවේ බැංකු සතු සැබෑ වගකීම

ශ්‍රි ලංකා මහ බැංකුවේ අනුමත වානිජ බැංකු අපේ රටේ විසි හතක් පමණ තිබෙනවා. බැංකුවක ප්‍රධාන කාර්යය වන්නේ එක පැත්තකින් එකතු කරගන්නා තැන්පත් ධනය අනෙක් පැත්තකින් විමසා ඇති ආයෝජකයන් වෙත නිකුත් කිරීමයි. එයින් මූල්‍ය ප්‍රසාරණයක් සිදුවෙනවා. රජයට සහ ආයතන වලට ණය සැපයීම මෙරට වාණිජ බැංකුවලට වාසිදායක වෙනවා. එම රාමුවෙන් එපිට ගැන අවධානය යොමු නොකිරීමෙන් රටේ ආර්ථික නංවාලීමට තීරණ වලට බාධාවක් වී තිබෙනවා. කොරෝනා වසංගතය ආර්ථිකයට බලවත් පීඩාවක් එල්ල කර ඇති අවස්ථාවක බැංකු සහ මූල්‍ය අංශය ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ ගැටලුවක් මතු වී තිබෙනවා.

ලංකා බැංකුව සිය පළමු කාර්තුවේ මූල්‍ය වාර්තා නිකුත් කළ අතර එයට අනුව ආදායම රුපියල් මිලියන 62 642 තෙක් 12.4% කින් ඉහළ ගොස් ඇත. බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභය මිලියන 5429ක වටිනාකම 2019 වසරේ සමාන කාල සීමාවට වඩා 28% ක වර්ධනයක් වන අතර මහජන බැංකුවේ ආදායමද මීට නොදෙවෙනි තත්ත්වයක පවතිනවා. මෙරට ප්‍රධාන බැංකු පසුගිය අවුරුද්දේ රුපියල් බිලියන 10 ඉක්මවා ශුද්ධ ලාභ උපයා ගෙන තිබුණු බව සඳහන් කළ යුතු කාරණයකි. බිලියන ගණන් ලාභ උපයන වාණිජ බැංකු ව්‍යවසායකත්වය ගැන අවධානය යොමු නොකරන්නේ මන්දැයි යන කාරණය බරපතළ ගැටලුවක්. සහනයක් ඉල්ලා බැංකු නිලධාරීන් වෙත එන ජනීජනයා ආපසු හරවා යවන හේතු කුමක්ද? බැංකු සහ මූල්‍ය ක්‍රමයේ පවතින ගතානුගතිකත්වය වෙනස් කරන්නට මහ බැංකුව අද වන විට අසමත් වී තිබෙනවා.

බැංකුවල ලාභයෙන් කොටසක් අනිවාර්යෙන්ම අලුත් ව්‍යවසායන් වලට ණය දෙන සේ නියම කළ හැකිය. එය අවදානමක් ගෙනදීමට ඉඩ තිබෙනවා. මේ නිසා ඉන් කොටසක් වැයකර තමන් නිකුත් කරන ණය නැවත රක්ෂණ කරන්නට ද හැකියාව තිබෙනවා. බිලියන ගණනක් ලබන ලාභ්යෙන් කොටසක් අලුත් සංකල්පය වෙනුවෙන් වෙන් කළහොත් පවතින ආර්ථිකය පුළුල් කර ගැනීමට අවස්ථාවක් උදා වෙනවා. කෝටි විස්සක ජනගහනයක් සහිත රටක රට පුරා බැංකුවල ගිණුම් මිලියන දහයක් ඇතැයි උපකල්පනය කරන්න. ඒ එක ගිණුමක රුපියල් දහසක අවම ශේෂය අනුව රුපියල් 1000. ඒවා මිලියන 10ක් ගනුදෙනුකරුවන්ට අතනොපවන මානයේ රඳවා තිබීමට අද වන විට බැංකු කටයුතු කරමින් තිබෙනවා. එම මුදල් ප්‍රමාණය වහා නිදහස් කළ හොත් ඔබගේ මිලදී ගැනීමේ ශක්තිය ඉහළ යනවා. එක ගනුදෙනුකරුවකු රුපියල් දාහක භාණ්ඩ අලුතෙන් මිලදී ගත හැකි පුද්ගලයන් බවට පත් වන විට මෙරට ගොවියන්ට කර්මාන්ත කරුවන්ට සහ සේවා අංශ වලට ඇති විය හැකි වාසි ඉතා ඉහළයි. මේ පිළිබඳ අවධානය යොමු කරමින් මහ බැංකුව සහ රටේ වාණිජ බැංකු නව ප්‍රතිපත්තිවල හඳුන්වා දීමේ අවශ්‍යතාවය දැඩිව දැනෙමින් පවතින කාලයක් බවට පත්ව තිබෙනවා.

 

 

 

 

 

 

 

 

by Dilki Shamani

source : Lankadeepa

views

583 Views

Comments

arrow-up