රුපියලේ පිබිදීමක් - විකුණුම් මිල රු. 195
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
15

රුපියලේ පිබිදීමක් - විකුණුම් මිල රු. 195

 රුපියලේ  පිබිදීමක්  - විකුණුම් මිල රු. 195

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (15) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 188.51 ක් ලෙසින් හා විකුණුම් මිල රු. 195.78 ක් ලෙසින් වාර්තා විය.

 

පසුගිය සතිය තුළ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියල සීඝ්‍රයෙන් පිරිහෙමින් පැවති පසුබිමක අද (15) දින මෙලෙස ඩොලරයේ විකුණුම් මිල රු. 200 සීමාවේ සිට රු. 195 සීමාවක දක්වා පහළ යාම කැපී පෙනෙන සිදුවීමකි.

 

මේ සඳහා නිශ්චිත හේතුවක් මෙතෙක් නිල වශයෙන් වාර්තා වී නොතිබුණ ද, වෙළෙඳපොළ විශ්ලේෂකයින් පවසන්නේ LOLC සමූහයට අයත්ව තිබූ කාම්බෝජයේ PRASAC Microfinance සමාගම විකිණීමෙන් ලද ඩොලර් මිලියන 422ක මුදලෙන් කොටසක් මෙරට තුළට ගලා ඒම මෙයාකාරයෙන් මෙරට විනිමය ශක්තිමත් කරලීමට හේතුවන්නට ඇති බවයි.

 

මේ අතර අද දින එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative US Dollar SPOT Exchange rate) රු. 192.93 ක් ලෙසින් වාර්තා වූ අතර මීට පෙර අප්‍රේල් 09 දින මෙම අගය දැක්වුණේ රු. 199.75 ක් ලෙසිනි.

views

382 Views

Comments

arrow-up