දරුවන්ට දිය යුතු සෙල්ලම් බඩු

හොඳ සෙල්ලම් බඩු ළමයින්ට අලුත් දස්කම් ඉගෙන ගැනීමට සහ අන් අය හා ඔවුන්ගේ ලෝකය සමඟ සම්බන්ධ වීමට උපකාර වේ. එක එක කාලවලට අලුතෙන් වෙළෙඳපොළට එකතු වෙන විවිධ සෙල්ලම් බඩු අතරින් ළමයෙකුට තෑගි දෙන්නට හොඳම සෙල්ලම් බඩුව තේරීම එක්තරා අභියෝගයකි. මෙවැනි සෙල්ලම් බඩු දරුවන්ගේ මානසික වර්ධනයට උපකාරී වෙනවා. ඒවා ළමයින්ගේ සංවර්ධනයට රුකුලක් වීම අතින් මුල් තැන ගනී. පෙරපාසල් වියේ සිට වයස අවුරුදු 8 පමණ දක්වා ළමයිට දිය හැකි එවැනි මූලික සෙල්ලම් බඩු කීපයක් පිළිබඳව පහතින් දැක්වේ.
1. සරල ලී කොට, ලෙගෝ හෝ එවැනි හැසිරවිය හැකි සෙල්ලම් බඩු
මේවා යම් යම් දේවල් ගොඩනැඟවීමට පෙළඹවීමක් ඇති කරන ළමයාගේ නිර්මාණශීලීත්වය වර්ධනය කරන්න සෙල්ලම් බඩුය. තනිවම වගේම අනෙක් ළමයින් සමඟත් බොහෝ වෙලාවක් සෙල්ලම් කරන්නට හැකිය.
2. මුළුතැන්ගෙයි උපකරණ සෙල්ලම් බඩු සහ සෙල්ලම් ආයුධ පෙට්ටිය
මේ දෙවර්ගයට ගැහැණු පිරිම් භේදයකින් තොරව කැමැත්ත තිබේ. තම දෙමව්පියන් සහ දකින අනෙකුත් වැඩිහිටියන් අනුකරණය කරමින් සෙල්ලම් කරන්නට බොහෝ කැමැතිය.
3. කුඩා බෝනික්කන්
දණගෑම, ඇවිදීම සහ ගී ගැයීම් වැනි ක්‍රියාවල යෙදෙන බෝනික්කන් අපූරු වුණත් ඒවා සමඟ සෙල්ලම් කිරීමේදී බෝනික්කා කරන ක්‍රියාව මත දරුවාගේ නිර්මාණශීලියේ ප්‍රමාණය සීමා වන්නට පුලුවන. එවැනි අරුමෝසම් බෝනික්කන් බොහෝ විට ඉක්මනින් කැඩෙන සුලුය. කුඩා බෝනික්කන් කීප දෙනෙකු සහ මාරු කිරීමට මූලික ඇඳුම් කීපයකුත් අනම් ඒවා සමඟ ලොකු ලොවක් දරුවා තනා ගනී. දරුවාගේ බෝනික්කන් එකතුවට විවිධ සමේ වර්ණය ඇති බෝනික්කන් එකතු කිරීමත් හොඳ අදහසකි. ඒවා සමඟ ඇතිවන ආදරය අනුව සැබෑ ලෝකයේ තමාට වඩා වේව්. වෙනස් අයටත් ආදරය කරන්නට දරුවා පුරුදු වේවි.
4. කලා බඩු
කුඩා ළමයින්ට සුදුසුය. දිය සායම්, ගම්, කතුර, ලිට්ඨි සහ පාට කඩදාසි ආදිය ලොකු ළමයින්ට දෙන්නට හැකිය.
5. ක්‍රීඩා බඩු
ශාරීරික ව්‍යායාම ගෙනෙන මේ කාලයේ ළමයින් කය වෙහෙසා කරන සෙල්ලම්වල නොයෙදෙන බවට බොහෝ අයගේ මැසිවිල්ලක් තිබේ. එවැනී ළමයින්ට පෙළඹවීමක් ඇති කරන්නට රෝස්, බෝල, බැට් සහ බැඩ්මින්ටන් වැනි මූලික ක්‍රීඩා උපකරණ, රෝද සපත්තු ආදී සෙල්ලම් බඩු රැගෙන දීය. ක්‍රීඩා වයසට ගැළපන ක්‍රීඩා පුවරුවලින් ළමයින්ට සහයෝගයෙන් සෙල්ලම් කරට සහ ගැටලු නීරාකරණය කර ගැනීමට පෙළඹවීමක් ඇති කරයි.
මෙවැනි සෙල්ලම් බඩු දරුවන්ට නිතර භාවිතයට සැලැස්වීම තුළින් ඔවුන්ගේ මානසික සංවර්ධනය සහ සමාජයීය සංවර්ධනය සිදු කළ හැකි වන බව සොයාගෙන තියෙනවා.
By : Dilki Shamani
Photo Source : Internet
1854 Views
Comments