සත්‍යය සොයා යන ක්‍රිෂ්ණමූර්ති
ක්‍රිෂ්ණමූර්ති (පෘථිවි) ගේ මමා අතුරුදන් ව ඇති බවට දැනගැනීමෙන් පසුව ඔහු පුවත් පත් වල දැන්වීම් පවා පළ කළා. ඔහුගේ මාමා ගැන කිසිදු තොරතුරුක් නොලැබුණු විට ඔහු හයිද්රාබාද් වලට පැමිණෙන්නේ ඔහුගේ මාමාව සොයාගෙනයි. ඔහු පොලිස් පැමිණිල්ලක් ඉදිරිපත් කළද, එයටද ප්රතිචාර නොලද ඔහුට දැනගන්නට ලැබුණේ ඔහුගේ මාමා මියගොස් ඇති බවයි.
මාමාගේ ආදාහනය සිදු කරනු ලැබුවේද පොලිසිය විසින්ම බවයි. ක්‍රිශ්ණා මෙය දැනගැනීමෙන් බොහෝ සෙයින් කම්පනයට පත්වේ. එහෙත් ක්‍රිෂ්ණා මෙය විශ්වාස නොකරන අතර, එසේ වීමට හේතුව දිගින් දිගටම සොයා යයි. ඒ අතරේම ජාන්වී නැමැති තරුණියක් සමග ක්‍රිෂ්ණා පෙම් බදී. මේ අතරතුර ඔහු කිහිප වතාවක්ම පහර කෑම් වලටත් ලක් වනවා. ඒ අවස්ථාවේදීම විශාල සමාගමක වංචාවක්ද සිදු වෙයි. මෙම අවස්ථා දෙක අතර ඇති සම්බන්ධය කුමක්ද? ක්‍රිෂ්ණාගේ මාමාට ඇත්තෙන්ම සිදු වූයේ කුමක්ද? ඔහුට මෙම අභිරහස් මරණය ගැන නිවැරැදි තොරතුරක් ලැබේවීද? එය දැනගැනීම ප්‍රේක්ෂක ඔබට භාරයි.
IIT ක්‍රිෂ්ණමූර්ති නම් තෙලිඟු චිත්‍රපටය 2020 දෙසැම්බර් 10 වන දින තිරගත වීම් ආරම්භ වුණා. විනාඩි 113 යි තත්පර 22 ක් දක්වා දිවෙන මෙම චිත්‍රපටය ත්‍රාසය, කුතුහලය හා ක්‍රියාදාමයන්ගෙන් පිරී පවතී.
ප්රධුවි දණ්ඩමුදි, මයිරා ඩොෂි, ආනන්ද්, විනයා වර්මා, බැනර්ජි, සත්‍ය අක්කාල යන තෙලිඟු රංගන ශිල්පීන් හා ශිල්පිනියන් මෙම IIT ක්‍රිෂ්ණමූර්ති චිත්‍රපටයට දායක වෙයි. ශ්‍රීවර්ධන් විසින් අධ්‍යක්ෂණය කළ, ප්‍රසාද් නෙකුරි විසින් නිෂ්පාදනය කළ අතර සංගීත අධ්‍යක්ෂණයෙන් නරේෂ් කුමාරන් සම්බන්ධ විය. OTT හි චිත්රපට සමාලෝචනය කිරීමේ ලැයිස්තුවට එක්ව තිබෙන මෙම තෙළිඟු චිත්රපටය - IIT ක්‍රිෂ්ණමූර්ති කුඩා තිරයටත් පැමිණ තිබේ. මෙම චිත්‍රපටය ඇමේසන් ප්‍රයිම් වෙතින් තෙලිඟු චිත්රපට ලෝලීන්ට ලබා ගැනීමටද ඉඩ සලස්වා ඇත.
by Kaushalya De Silva
Photo source : Internet
623 Views
Comments