ඉකිරියන් ගැවසෙන දකුණේ වෙරළ
සංචාරක කර්මාන්තයේ ශීඝ්‍ර වර්ධනය සහ දියුණුව හේතු කොටගෙනම දක්ෂිණ වෙරළබඩ කලාපයේ බිහි වී ඇති හෝටල් සංඛ්‍යාව අති මහත්ය. ගාල්ලට පැමිණෙන බොහෝ විදේශිකයෝ ගාලු කොටුවේ ප්‍රෞඪ සුන්දරත්වය විඳගත් පසු උණවටුන හෝ ආශ්‍රිත වෙරළ තීරයකට ගොස් තවත් අත්දැකීම් ලබා ගනිති. තල්පේ වෙරළ යනු එලෙස තවත් සංචාරක තෝතැන්නකි. තල්පේ වෙරළ තීරයේ එක්තරා සීමිත ඉඩක පවතින ගල්වැටියක ස්වභාවිකව නිර්මාණය වන තටාක කිහිපයක් මේ දිනවල දැඩි සංචාරක තෝතැන්නක් බවට පත්ව තිබේ.
විශේෂයෙන්ම උදය කාලයේ මෙම දිය පිරුණු තටාක ළා කොළ පැහැයෙන් අපූරුවට දැක ගත හැකි වේ. බොහෝ පිරිස් මෙහි පැමිණ එම කුඩා තටාක මතට බැස දිය ස්නානය කරයි. මීට වසර දහයකට පමණ පෙර භාවිතයෙන් අත්හැර දමන ලද මෙම වළවල් එකල භාවිත කර ඇත්තේ පොල්ලෙලි පල් කිරීම සඳහාය. සාමාන්‍ය මිනිසෙකුගේ කරවටක් ආසන්න වනතුරු මෙම වළේ බැස සිටිය හැකි අතර මෙලෙස විවිධ ප්‍රමාණයේ වළවල් රාශියක් මෙම ඉසව්වේ දැක ගත හැකිය.
ඉකිරි නම් මුහුදු සත්වයා මෙම ඉසව්වේ බහුල ලෙස දැකිය හැකි වීමයි. කුඩා ටෙනිස් බෝලයක් වටේට ඉත්තෑ කූරු සවි කර ඇත්තා සේ මෙම සත්වයා මෙම ගල්පරයේ ඇලී සිටින නමුත් මිනිසාට කිසිදු හානියක් සිදු නොකරයි. නමුත් මිනිසා මෙම සතුන්ගෙන් බොහෝ ප්‍රවේසම් විය යුත්තේ මෙම සතාව පෑගීමට පුළුවන්කම ඇති හෙයිනි. ඔබේ නිරුවත් දෙපාවලට මෙම සත්වයා පෑගුණහොත් එම කටු රාශියක්ම ඔබේ යටිපතුලේ ඇනී ලේ ගලන වේදනාබර තුවාලයක් සිදු විය හැක. එම නිසා කළු වර්ණයෙන් යුතු මෙම ඉකිරින්ගෙන් වඩාත් ප්‍රවේසම් වී සිටිය යුතුය.
තටාක ඇතුළේ පවා බිත්ති මත මුන් සිටිය හැකි බැවින් තඩාග තුළට බැසීමේදී ප්‍රවේසම් වීම හා අවධානයෙන් සිටීම අත්‍යවශ්‍යය. තවද තල්පේ මුහුදු වෙරළ යනු වසර කිහිපයක් පුරාවට මුහුදේ ගිලී දෙස් විදෙස් සංචාරකයන් මියගොස් තිබේ. එබැවින් මුහුදු ජලය තුළ ස්නානය කිරීමේදී සංචාරකයන් නිතරම සුපරික්ෂාකාරී විය යුතුයි.
එලෙසම පාරම්පරික මාළු අල්ලන ක්‍රමයක් වන රිටි ක්‍රමයද මෙම ඉසව්වල දැකගත හැකිය. මුහුදේ ගසා තිබෙන එම රිටි මත නැගීමේදී පවා ප්‍රවේසම් විය යුත්තේ එය භාවිතා කරගෙන තවමත් ධීවර ජනතාව තම මසුන් ඇල්ලීමේ කාර්යය සිදුකරන නිසයි. කොහොම නමුත් තල්පේ මුහුදු වෙරළ තීරය වසර පුරාම දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය ලබන ස්ථානයකි.
by Dilki Shamani
Photo Source: Internet
1002 Views
Comments