සුන්දර පර්ත් නගරය
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
24

සුන්දර පර්ත් නගරය

සුන්දර පර්ත් නගරය

ඕස්ට්‍රේලියා මහාද්වීපයේ හොඳම දේශගුණයක් ඇති නගර අතරින් එකකි පර්ත් පුරවරය. ලෝකයේ ජීවත්වීමට හැකි හොඳම පරිසරයක් ඇති හා ආකර්ෂණීය නගර දහය අතර පර්ත් පුරවරය රැඳී සිටින්නේ අඛණ්ඩවමය. වඩාත්ම හුදකලා වූ නගරය ලෙස සැලකෙන පර්ත් නගරයට ආසන්නතම විශාල නගරය වූ ඇඩ්ලේඩ් පිහිටා ඇත්තේ කි.මී. 2700 ක් දුරිනි. එහෙත් මෙහි ඇති සුන්දරත්වය හා මනස්කාන්ත බව නිසා කිසිවිටකත් හුදකලා බවක් දැනෙන්නේ නැත.

ස්කොට්ලන්තයෙන් සංක්‍රමණය වූ වැඩි දෙනකුගෙන් පැවතෙන ජනතාවක් වාසය කළ පර්ත් අගනුවරක් ලෙස ප්‍රකාශයට පත් කළේ වර්ෂ 1829 අගෝස්තු 12 වන දිනය. 1850 දී නීතියෙන් වැරදිකරුවන් වූ අයගේ ශ්‍රමය සංවර්ධන කටයුතු සඳහා හඳුන්වා දුන් අතර මුල් අවධියේ රජයේ ගොඩනැගිලි, මංමාවත් හා පාලම් ඉදිකිරීම සඳහා මොවුන්ගේ ශ්‍රමය ලබා ගන්නා ලදි. සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා පවතින වසන්ත සෘතුවත්, දෙසැම්බර් සිට පෙබරවාරි තෙක් බල පැවැත්වෙන ගිම්හාන ඍතුවත්, මාර්තු සිට මැයි දක්වා පවතින සරත් ඍතුවත් ජුනි අගෝස්තු දක්වා පවතින ශීත ඍතුවත් යන ඍතු හතරෙහිම ආශ්වාදය විඳගැනීමේ භාග්‍යය මෙහි ජනතාවට ලැබී ඇත.

 

 


පෙබරවාරි මාසයේ පර්ත් ජාත්‍යන්තර කලා මංගල්‍යය පැවැත්වේ. සරත් ඍතුවේ මාර්තුවල පර්ත් පුරවරයේ විශාලතම ආහාර පාන උත්සවයට විශාල ජනතාවක් එක් වේ. ජුලි හා අගෝස්තුවල ශීත ඍතු කලා මංගල්‍යය මෙන්ම පාසල් නිවාඩු කාලයේ අවු. 3 - 12 දක්වා වූ ළමුන් සඳහා විශේෂිත වූ වැඩසටහන් ද ක්‍රියාත්මක වේ. දැකුම්කලු පරිසරයක පිහිටි මෙම උද්‍යානය ආරක්ෂා කර ගැනීමටත් සංවර්ධනය කිරීමටත් බටහිර ඕස්ට්‍රේලියානු රජය මෙන්ම එහි වෙසෙන ජනතාවද ගන්නේ ඉමහත් වෙහෙසකි. ලෝක යුද සමයන් තුළ දී දිවි පිදූ රණවිරුවන් වෙනුවෙන් නිර්මාණය කළ සිහිවටන ද මෙහිදී දැක ගත හැක. සෑම වර්ෂයකම මිලියන 6 ක පමණ ජනතාවක් මෙම උද්‍යානය නැරඹීමට පැමිණෙන බැව් වාර්තා වේ. ලෝකයේ අගනගරයක් තුළ පිහිටි විශාලතම උද්‍යානය මෙය වන අතර නිව්යෝර්ක් නගරයේ පිහිටි සෙන්ට්‍රල් පාක් උද්‍යානයට වඩා මෙය විශෘලය. උද්‍යානයේ කඳු මුදුනට පර්ත් නගරයේ සුන්දරත්වයත් ස්වෝන් නදියේ මනස්කාන්ත දර්ශනයත් අපූරුවට දැක ගත හැක. වසන්ත සමයේදී උද්‍යානය වන මලින් වැසී යන්නේ සුරංගනා ලෝකයක සිරිය මවමිනි.

පර්ත් නගරයේ ස්ථාපිත කර ඇති මාර්ග හා ප්‍රසිද්ධ ස්ථාන දැක්වෙන සිතියම් සහිත ස්ථම්භ නිසා මඟ පෙන්වන්නකුගේ ආධාරයක් නොමැතිව අවශ්‍ය ස්ථාන දැක බලා ගැනීමේ පහසුව සංචාරකයන්ට ලැබී ඇත.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

710 Views

Comments

arrow-up