10 ශ්‍රේණිය විද්‍යාව කෙටි සටහන් - මූල ද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
22

10 ශ්‍රේණිය විද්‍යාව කෙටි සටහන් - මූල ද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය

10 ශ්‍රේණිය විද්‍යාව කෙටි සටහන් - මූල ද්‍රව්‍ය  හා සංයෝග ප්‍රමාණනය
  • පරමාණුක ස්කන්ධ ඒකකය -  C -12 සමස්ථානිකයේ පරමාණුවක ස්කන්ධයෙන් 1/12 කි.

 

  • මූලද්‍රව්‍යක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය - මූලද්‍රව්‍ය පරමාණුවක ස්කන්ධය C-12 සමස්ථානිකයේ පරමාණුවක ස්කන්ධයෙන් 1/12 මෙන් කී වාරයක් වේද යන්න එම මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය නම් වේ.

 

  • සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට ඒකකයක් නොමැත.

 

 

 

 

 

  • බොහෝ මූලද්‍රව්‍ය පරමාණු ස්වභාවයේ පවතින්නේ අණු හෝ සංයෝග වශයෙනි.
  • ඉතා සුළු මූලද්‍රව්‍ය ප්‍රමාණයක් ස්වභාවයේ නිදහස් පරමාණු ලෙස පවතියි. ඒවා ප්‍රතික්‍රියාශීලීත්වයෙන් ඉතාමත් අඩු මූලද්‍රව්‍ය වේ.

උදාහරණ - රන්, රිදී

  • මීට අමතරව උච්ච වායු සමහරක් නිදහස් පරමාණු ලෙස පවතින අතර සංයෝග නොසාදයි.
  • අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුවක ස්කන්ධය C-12 සමස්ථානිකයේ පරමාණුවක ස්කන්ධයෙන් 1/12 ක් මෙන් කී වාරයක් දැයි දක්වන සංඛ්‍යාව

 

    

 

 

 

  • සාපේක්ෂ අණුක ස්කන්ධයට ද ඒකකයක් නොමැත.

 

  • ආණුභවික සූත්‍රය -  සංයෝගයක අයන අතර පැවැතිය හැකි සරලම අනුපාතයට ලියනු ලබන සූත්‍රය

 

  • සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය - අයනික සංයෝග වල අණුක ස්කන්ධය ලෙස සලකනු ලබන සූත්‍රයට අදාල ස්කන්ධය

 

  • ඇවගාඩ්රෝ නියතය -  ඕනෑම මූලද්‍රව්‍යක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්රෑම් වලින් ගත් විට , මූලද්‍රව්‍ය කුමක් වුවත් එහි ඇති පරමාණු සංඛ්‍යාව නියතයකි. එය ඇවගාඩ්රෝ නියතයයි.

 

  • ඇවගාඩ්රෝ නියතය පළමුගණනය කරන ලද්දේ ජෝන් ජෝසප් ලොස්ච්මිඩ්ට් විසිනි. නමුත් ඉතාලි ජාතික විද්‍යාඟදයකු වන ඇමේඩියෝ ඇවගාඩ්රෝට ගෞරවයක් ලෙස එය ඇවගාඩ්රෝ නියතය ලෙස නම් කරන ලදී.

 

  • මවුලය - C-12 සමස්ථානිකයේ හරියටම කිරා ගත් 12.00 g තුළ අඩංගු වන පරමාණු සංඛ්‍යාවට සමාන යම් ද්‍රව්‍යක මූලික තැනුම් ඒකක සංඛ්‍යාවක් අඩංගු පදාර්ථ ප්‍රමාණය

 

  • යම් ද්‍රව්‍ය මවුලයක ඇවගාඩ්රෝ නියතයට සමාන මූලික ඒකක සංඛ්‍යාවක් අඩංගු වේ.

 

  • මවුලික ස්කන්ධය - ඕනෑම ද්‍රව්‍යක මවුලයක ස්කන්ධය

 

  • මවුලික ස්කන්ධයේ ඒකක - මවුලයට ග්රෑම්, මවුලයට කිලෝ ග්රෑම්

 

 

 

 

  • සාන්ද්‍රනය -       ඒකක පරිමාවක අඩංගු ද්‍රාව්‍ය  මවුල ප්‍රමාණය
  • සාන්ද්‍රනයේ ඒකක ඝනඩෙසි මීටරයට මවුල, ඝන මීටරයට මවුල, ඝන සෙන්ටිමීටරයට මවුල වේ.

 

 

 

 

 

 

 

 

සටහන - නුවන්දරා මුදලිගේ

Photo source : Internet

views

5849 Views

Comments

arrow-up