එංගලන්තයේ වසරකට ටොන් මිලියන ගනනින් ගොඩනැගෙන e-waste
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
28

එංගලන්තයේ වසරකට ටොන් මිලියන ගනනින් ගොඩනැගෙන e-waste

එංගලන්තයේ  වසරකට  ටොන් මිලියන ගනනින් ගොඩනැගෙන e-waste

එක්සත් රාජධානියේ කුටුම්භ සහ ව්‍යාපාර විසින් සෑම වසරකම විදුලි අපද්‍රව්‍ය ටොන් මිලියන 1.4ක් නිපදවන බව පර්යේෂණයකින් අනාවරණයවී තිබෙනවා. E- Waste පර්යේෂණ සංවිධානයක් වන material frocks විසින් ගණනය කරන්නේ මින් අවම වශයෙන් ටොන් 500000ක අපද්‍රව්‍ය හොරකම් කර නැවත ගබඩා කිරීම සිදුවන බවත් එහි නවතම අධ්‍යයනයෙන් කියවෙන්නේ ප්‍රතිචක්‍රීකරණය නොකල ගෘහ විදුලි සඳහා එක්සත් රාජධානිය වසරකට ඩොලර් මිලියන 370කට අධික මුදලක් රන් තඹ ඇලුමිනියම් සහ වානේ වැනි දෑ නැති වූ ද්‍රව්‍ය සඳහා වැය කරන බවයි.

ටෝස්ටර් සහ පැරණි කේබල් වැනි අයිතම සඳහා මිනිසුන්ට ඔවුන්ගේ ළඟම ඇති E-Waste ප්‍රතිචක්‍රීකරණය ස්ථානය සොයා ගැනීම සඳහා ද්‍රව්‍ය එකතු කිරීමේ කේන්ද්‍රස්ථාන පිහිටුවා තිබෙනවා. දිනෙන් දින ඉහළ යන විදුලි අපද්‍රව්‍ය ගැටළුවෙන් මිදීම සඳහා ඔවුන් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔබට නව විදුලි කේතලයක් මිලදී ගන්නා විට භාවිතයෙන් බැහැර කළ කේතලය ඕනෑම විදුලි උපකරණ අලෙවි කරන සාප්පුවකට ආපසු භාර දිය හැක. සමහර වෙළෙඳ සැල් දැනටමත් මෙය ක්‍රියාත්මක කරනව. ජනගහන වර්ධනය වීමත් නව පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ වෙළඳපලට ළඟා වීමත් නිසා මෙලෙස විදුලි අපද්‍රව්‍ය වැඩි වීම ඉහළ ගොස් තිබෙනවා.

මේ පිළිබඳ සිදුකළ අධ්‍යනයේ නායකයා වූ ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලයේ ඇලිස් ස්ටොවෙල් BBC වෙත පවසා ඇත්තේ විදුලි අපද්‍රව්‍ය පිළිබඳ සංඛ්‍යා අති විශාල බවයි. 2017 දී එක්සත් රාජධානියේ විදුලි අපද්‍රව්‍ය ටොන් මිලියන 1.65 අලෙවි වූ අතර ටොන් 50000ක් ගිනිබත් කර හෝ වෙනත් රටවලට ගොඩබා ඇති බවයි වාර්තා වන්නේ. එසේම ඔහු පවසා සිටියේ එක්සත් රාජධානි තවමත් විදුලි අපද්‍රව්‍ය එකතු කිරීමේ ඉලක්ක වලින් 65%ක් වත් සපුරා ගැනීමට අසමත්ව සිටින බවයි.


බොහෝ විට මිනිසුන්ට ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන වලට යෑම අපහසුයි. අනවශ්‍ය විදුලි භාණ්ඩ සඳහා මුදල් ආපසු ලබා දීම හෝ වවුචර් ලබාදීම වැනි දිරිදීමනා පුරවැසියන්ට ලබාදීම අවශ්‍ය බව වාර්තා වෙනවා. ඇමර්සන් වැනි අන්තර්ජාල අලෙවි පහසුකම් සපයන්නන් මීට එක්ව සිටීම ඉතා වැදගත් බවයි ඔහු පවසන්නේ. එසේම ආරක්ෂිත බෙදාහැරීම් හරහා තම විකුණුම්කරුවන් වෙළඳපලේ තබා ඇති භාණ්ඩ සඳහා ජීවිත කාලය පුරා වගකීම භාර ගත යුතු වෙනවා. ප්‍රතිචක්‍රීකරණය වේගවත් කිරීම වඩා හොඳ පරිසර සැලසුමක් දිරිගැන්වීම සහ නිෂ්පාදකයන් සහ සිල්ලර වෙළෙන්දන් ඉන් එක් වන අපද්‍රව්‍ය සඳහා වගකීම භාර ගැනීම සහතික කිරීම තුළින් ඉහළ යන මෙම E-Waste ප්‍රමාණය අවම කර ගැනීමට හැකි බවයි වාර්තා වන්නේ.

 

 

 

 

 

 

by Dilki Shamani

source : bbc.com

views

474 Views

Comments

arrow-up