2021 දී 5G තාක්ෂණය ඉදිරියට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
21

2021 දී 5G තාක්ෂණය ඉදිරියට

2021 දී 5G තාක්ෂණය ඉදිරියට

තාක්ෂණයේ ආවරණය පුළුල් කරමින් 2021දී 5G ඉදිරියටම යාමට නියමිතයි. එයින් දුරකථන උපාංග වල පවා මිළ අඩු වනු ඇත. තවද 5G තාක්ෂණයෙහි උපරිම ප්රතිලාභ සහිතව නම්යශීලී දුරකථනවල වර්ධනය ජංගම දුරකථන කර්මාන්තයට විශාල ලෙස ශක්තියක් වේවි. ලොව පුරා කොවිඩ් වෛරසය පැතිරීමත් සමග ජංගම දුරකථන අලෙවිය නතර විය. නමුත් පුදුමයට කරුණක් නම්, මෙවැනි ගෝලීය අර්බුදයක් මධ්යයේ දුරකථන අලෙවිය යළිත් නොසිතූ ආකාරයෙන් ඉහළ යාමයි. වෛරසය ආසියාව තුළ පැතිර යත්ම, චීනය වැනි රටවල මිලියන සංඛ්යාත ගනුදෙනුකරුවන් නව 5G දුරකථන මිලදී ගත්හ.

 

5G දුරකථන රැල්ලක් හඳුන්වා දුන් අතර මෙම වසංගතය ආරම්භ වීමට පෙර 5G අලෙවිය අපේක්ෂා කළ තරම්ම පසුවත් එය ශක්තිමත් වීය. ඇපල් සමාගම අර්ධ ලෙස දායක වෙමින් 5G iPhone මාදිලි 12 ක් හදුන්වා දුන්හ. නමුත් මුලදී මෙහි ව්යාප්තිය මඳක් අඩු මට්ටමක පැවතුනත්, 5G සැබවින්ම සැලකිය යුතු ලෙස 2021ව්යාප්තිය වර්ධනය විය හැකි බව පවසනවා. වේගවත් බව මෙන්ම ආවරණයද, වඩා හොඳ මට්ටමකින් පැවතෙනු ඇත. ක්වාල්කොම් හි සභාපති ක්රිස්ටියානෝ ඇමොන් දෙසැම්බර් මැද භාගයේ සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ, “මෙය ඉතා අපූරු" බවයි. " වසංගතය මධ්යයේ, 5G උපාංග සැබවින්ම වෙනසක් කිරීමට සමත්ව ඇති” බවත්ය. COVID-19 අපේ ලෝකය නොසිතූ ආකාරයෙන් වෙනස් කිරීමත් සමඟ 5G හි අඛණ්ඩ දියුණුව වෙන කවරදාටත් වඩා තීරණාත්මක වී ඇත. ඒ මිනිසුන් නිවසේ සිර වී සිටින අතර එකිනෙකාගෙන් සමාජ දුරස්ථ භාවය ඇති කරගත් මෙවැනි අවස්ථාවකදී, නිවසේ බ්රෝඩ්බෑන්ඩ් සේවාව මත යැපීමට ඔවුන්ට සිදු වී ඇති නිසාවෙනි.

 

 

4G හි වේගය මෙන් 10 සිට 100 ගුණයක් සහ වේගවත්ව ප්රතිචාර දැක්වීමේ හැකියාව ඇති මෙම 5G තාක්ෂණය තුළින්, ඊළඟ පරම්පරාවේ තාක්ෂණයට සරල වීඩියෝ සම්මන්ත්රණයේ සිට ටෙලි මෙඩිසින් දක්වා වැඩිදියුණු කළ හැකිය. වීඩියෝ ක්රීඩාවන් සඳහාද 5G භාවිතා කරමින් ප්රතිචාරාත්මක බව සහ වේගවත් ප්රතිලාභ ඇති කිරීමට අපේක්ෂා කරයි. 5G ප්රවර්ධන වේගය අඩු වීම වෙනුවට, COVID-19 වසංගතය යම් ආකාරයකින් තම ජාලය වේගයෙන් ව්යාප්ත කිරීම පහසු කරවා ඇත. සුපිරි වේගවත් තාක්ෂණය බලාපොරොත්තු වූවාට වඩා මේ වසරේ වැඩි ගනුදෙනුකරුවන් සංඛ්යාවක් වෙත ළඟා වී ඇති අතර 2026 වන විට ගෝලීය ජනගහනයෙන් 60% කට පමණ 5G ආවරණය ලැබෙනු ඇතැයි එරික්සන්හි පසුගිය මාසයේ නිකුත් කළ වාර්තාවක දැක්වේ. 5G වේගයෙන් ක්රියාත්මක වන ජංගම දුරකථන ජාලයක් බවට පත්ව ඇති බව ස්වීඩන් ජාලකරණ දැවැන්තයාද පවසයි.

 

 

2020 අවසානය වන විට ලොව පුරා 5G දායකත්වයන් මිලියන 218 ක් පමණ වනු ඇති අතර, ලබන වසරේ එම සංඛ්යාව තුන් ගුණයකින් වැඩි විය යුතුය. " 2019 දී බලාපොරොත්තු වූයේ 5G දුරකථන තාක්ෂණය සහ වේගවත්ව එය ලබා ගැනීම සහ එම තාක්ෂණය යථාර්ථයක් බවට පත් කිරීමයි" යැයි ක්වාල්කොම්ස් හි ඇමොන් පැවසීය. "2020 දී එය දුරකථනවල පරිමාණයක් ලබා ගනිමින් සිටියි. තවද 2021 දී සෑම තැනකම එම වේගය සහ ක්රියාකාරිත්වය ඔබට පෙනෙනු ඇත. " ඔහු තවදුරටත් පැවසීය. ඔබට ඉදිරියේදී 5G දුරකථන වලින් ඔබ්බට ගිය විවිධ වූ උපාංග සඳහාද 5G තාක්ෂණය යොදාගැනීම දැකබලාගන්නට හැකියාව ලැබේවි.

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

377 Views

Comments

arrow-up