බිල් ගෙට්ස් සහ මෙලින්ඩා ගෙට්ස් වසර 27ක දීගයකින් පසුව දික්කසාද වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
04

බිල් ගෙට්ස් සහ මෙලින්ඩා ගෙට්ස් වසර 27ක දීගයකින් පසුව දික්කසාද වෙයි

බිල් ගෙට්ස් සහ මෙලින්ඩා ගෙට්ස් වසර 27ක දීගයකින් පසුව දික්කසාද වෙයි

27 වසරක සාර්ථක විවාහ දිවියකින් ඉන්පසුව ලොව සිව්වන ධනපතියා ලෙස නම් දරා සිටින Microsoft සමාගමේ නිර්මාතෘ බිල් ගෙට්ස් සහ ඇගේ බිරිඳ වන මෙලින්ඩා ගේට්ස් දික්කසාද වී ඇති බව වාර්තා වනවා.

 

මේ වන විට ලොව සිව්වන ධනපතියාව සිටින බිල් ගේට්ස් ගේ සම්පූර්ණ වත්කම් වල වටිනාකම ඩොලර් බිලියන 130 ක් පමණ වනවා. එමෙන්ම ඔහු සතුව ඇමරිකාවේ ප්‍රාන්ත පහක දේපල, පෞද්ගලික ජෙට් යානයක්, ලොව වටිනාම චිත්‍ර එකතුවක් සහ සුඛෝගබෝගී මෝටර් රථ සමූහයක් ද හිමි වී පවතිනවා.

 

කෙසේ නමුත් වාර්තා වන පරිදි ඔවුන්ගේ මෙම දික්කසාදයෙන් පසුව බිල්ගේට්ස් සතු ධනය මෙලින්ඩා ගෙට්ස් හට ලැබෙන්නේ නැහැ.

 

මේ යුවළගේ වැඩිමහල් දියණිය වන ජෙනිෆර් ගෙට්ස් ප්‍රකාශ කළේ තම පවුල මේ වන විට අභියෝගාත්මක කාලයක් පසු කරමින් සිටින බවයි. මේ ධනපති යුවළට දරුවන් තිදෙනකු සිටින අතර ඔහුගේ වැඩිමහල් දියණිය 25 හැවිරිදි ජෙනිෆර් ගෙට්ස් ඇයට අසතරව 21 හැවිරිදි රෝයි නම් පුතෙකු සහ 18 හැවිරිදි ෆෝබි නම් දියණියක්ද සිටිනවා.

 

කෙසේ නමුත් සිය ඉන්ටග්‍රෑම් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කළ ජෙනිෆර් ‍ප්‍රකාශ කළේ, "මම තවමත් මේ දික්නසාද ක්‍රියාවලිය, අපගේ හැඟීම් වලට සහ පවුලේ සාමාජිකයන්ට සහයෝගය දැක්විය හැකි ආකාරය පිළිබඳව සොයා බලමින් සිටිනවා." යනුවෙනුයි. කෙසේ නමුත් මේ වන විට බිල් සහ මෙලින්ඩා ඔවුන්ගේ දික්කසාදය පිළිබඳව ඒකාබද්ධ ප්‍රකාශයක් ට්විටර් වෙබ් අඩවියේ පළ කර තිබෙනවා. එහි සඳහන් වන්නේ "විශාල සිතුවිල්ලක් හා වැඩ කිරීමකින් පසුව අපගේ විවාහය අවසන් කිරීමට අප තීරණය කර ඇත්තෙමු." ලෙසයි.

 

කෙසේ නමුත් ඔවුන් අවසන් වලට එකිනෙකා සමග පෙනී සිට ඇත්තේ මීට සති දෙකකටත් අඩු කාලයක් තුලයි. මොවුන් දෙදෙනාගේ වෙන්වීමට හේතුව තවමත් අභිරහසක්ව පවතින අතර මීට පෙර අවස්ථාවකදී මෙලින්ඩා ප්‍රකාශ කර තිබුණේ තම ස්වාමිපුරුෂයාට රැකියාව සහ පවුල සමතුලිත කිරීමේ ගැටලුවක් පවතින බවයි.

 

 

 

 

 

 

views

4865 Views

Comments

arrow-up