වසංගතය මධ්‍යයේ ඉන්දියාවේ ප්‍රාන්ත 5ක ඡන්ද ගණන් කිරීම ආරම්භ වේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

වසංගතය මධ්‍යයේ ඉන්දියාවේ ප්‍රාන්ත 5ක ඡන්ද ගණන් කිරීම ආරම්භ වේ

වසංගතය මධ්‍යයේ ඉන්දියාවේ ප්‍රාන්ත 5ක ඡන්ද ගණන් කිරීම ආරම්භ වේ

පසුගිය මාර්තු මාසයේ සහ අප්‍රේල් මාසයේ පැවැත්වුණු ඉන්දියාවේ මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අද (02) දිනයේ දී ප්‍රාන්ත පහක ආරම්භ කරනු ලැබුවා.

 

ඒ අනුව අද දිනයේ දී ඉන්දියාවේ ඇසෑමය, බටහිර බෙංගාලය, තමිල්නාඩුව, කේරලය සහ පුදුචෙරි යන ප්‍රාන්තවල ඡන්ද ගණන් කිරීම ආරම්භ කර තිබෙනවා.

 

කෙසේ නමුත් මේ වන විට ඉන්දියාවේ ආසාදිතයින් සහ මරණ ප්‍රමාණය වාර්තාගත ලෙස ඉහළ යමින් පවතින අතර ඊට හේතුව ලෙස ද පසුගියදා අවසන් වුණු මහමැතිවරණ වල රැළි සහ ඡන්ද ප්‍රකාශ කිරීම් කටයුතු ද හේතු වී තිබුණා.

 

ගත වූ පැය 24 තුළ ලොව වැඩිම මරණ සහ සාදිතයින් සංඛ්‍යාව වාර්තා වන්නේ ද ඉන්දියාවෙන්.

 

නව ආසාදිතයින් 392 562ක් සමග ඉන්දියාවේ මේ වන විට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 19 549 656ක් ලෙසයි. කෙසේ නමුත් දෛනික මරණ 3688 ක් එරටින් වාර්තා වෙනවා. මේ වන විට එරට සමස්ත මරණ සංඛ්‍යාව 215 523ක් ලෙස සටහන් වී තිබෙනවා.

 

මේ අතර දිල්ලි නගරයට හෙටින් අවසන් වීමට නියමිත සංචරණ සීමා තවත් සතියක් දක්වා දීර්ඝ කර තිබෙනවා.

 

දිල්ලි අගනුවරින් පමණක් ගතවූ පැය 24 තුළ ආසාදිතයින් 27 000 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. එමෙන්ම දිල්ලි නගරයේ වාර්තාවන නව මරණ සංඛ්‍යාව 375ක් වනවා.

 

ඉන්දියාවේ නව ආසාදිතයින් සහ මරණ වාර්තාගත ලෙස ඉහළ යාම සඳහා ඉන්දියානු ප්‍රාන්ත මැතිවරණය හේතු වී තිබුණා.

 

ඒ සඳහා ඉන්දීය අගමැතිවරයාට සහ දේශපාලන නියෝජිතයින්ට දෝෂාරෝපණ එල්ල වී තිබෙන පසුබිමකයි මෙම චන්ද ගණන් කිරීමේ කටයුතු පවත්වන්නේ.

views

870 Views

Comments

arrow-up