චීනය තමන්ගේම අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට යයි - පළමු මොඩියුලය සාර්ථකව කක්ෂගත කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
30

චීනය තමන්ගේම අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට යයි - පළමු මොඩියුලය සාර්ථකව කක්ෂගත කරයි

චීනය තමන්ගේම අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට යයි - පළමු මොඩියුලය සාර්ථකව කක්ෂගත කරයි

දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පෘථිවි කක්ෂයේ රඳවා තිබේ. මේ වන විට මෙහි රටවල් 19 ක ගඟනගාමීන් 200 කට වැඩි පිරිසක් සිට තිබේ. කෙසේ නමුත් චීන ගඟනගාමීන් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් දිගු කලක් තිස්සේ ඉවත් කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ඔවුන් ඔවුන්ගේම අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටී.

 

ඒ අනුව එහි පළමු පියවර ලෙස ඊයේ (29) දිනයේදී චීනයේ දකුණු හයිනාන් දූපතේ වෙන්චැං දියත් කිරීමේ මධ්‍යස්ථායේ සිට රොකට්ටුවක් මඟින් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය සඳහා පළමු මොඩියුලය සාර්ථකව පෘථිවි කක්ෂය කරා දියත් කරන ලදී. මේ සඳහා March 5 B රොකට්ටුව භාවිතා කළ අතර එය, වර්තමානයේ චීනය විසින් සංවර්ධනය කරන ලද විශලතම රොකට්ටුවයි.

 

තවත් වසර 2ක කාලයක් තුල චීනය ඔවුන්ගේම අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් ඉදි කර අවසන් කිරීමට අපේක්ෂා කර තිබේ. ඊයේ (29) දිනයේදී නිකුත් කළ එහි පළමු මොඩියුලය එම ක්‍රියාවලියේ පළමු වෙඩිමුරයයි. එමෙන්ම රුසියාව ද මේ වෙන විට පවසා ඇත්තේ 2030 වසර වන විට ඔවුන්ගේම අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ඉදි කිරීමට අපේක්ෂා කරන බවයි. ඒ අනුව 2025 වසරේ දී ඔවුන් ජාත්‍යන්තර අභ්‍යවකාශ ව්‍යාපෘතියෙන් ඉවත් වන බව ද දැනුම් දී තිබුණා.

 

 

චීනය සිය අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා මේ ආකාරයෙන් මොඩිවුල කිහිපයක් කක්ෂගත කිරීමට අපේක්ෂාවෙන් සිටී. ඉන්පසුව පෘථිවි කක්ෂයේදී දී එකලස් කර මෙම අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ඉදිකරනු ලබයි. කෙසේ නමුත් 2022 වසර අවසන් වන විට චීනය සිය අභ්‍යවකාශ මධ්‍යස්ථානය ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඊයේ දිනයේ දී කක්ෂගත කළ මූලික මොඩියුලයේ මුළු දිග මීටර් 16 වන අතර එහි විශ්කම්භය මීටර් 4.2 වේ. චීනය විසින් ඉදි කිරීමට අපේක්ෂා කරනු ලබන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වසර දහයක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වීමට නියමිතය. මීට අමතරව තවත් වසර 5 කාලයක් අවශ්‍ය නම් භාවිතා කිරීමට හැකියාව පවතී.

 

 

භාණ්ඩ මෙහෙයුම් හතරක් සහ කාර්යමණ්ඩල මෙහෙයුම් හතරක් ඇතුළුව තවත් දියත් කිරීම් 11ක් ඉදිරි වසර දෙක තුළ දී චීනය විසින් සැලසුම් කර තිබේ. මෙහි පළමු කාර්ය මණ්ඩල මෙහෙයුම මේ වසරේ ජුනි මාසයේ දී දියත් කිරීමට අපේක්ෂා කරන අතර එහිදී ගගනගාමීන් තිදෙනෙකු මාස තුනක කාලයක් පුරා අභ්‍යාවකාශයේ රැඳී සිටිමින් එකලස් කිරීමේ වලියේ නඩත්තු පරික්ෂා කිරීම සිදු කරනු ලබයි.

 

 

කෙසේ නමුත් මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තරම් විශාල නොවන බවයි පැවසෙන්නේ. එය, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය මෙන් 1/5 තරම් ප්‍රමාණයක් ගන්නා බවයි ප්‍රකාශ වී ඇත්තේ. මෙය 1986 සිට 2001 වසර දක්වා ක්‍රියාත්මක වූ රුසියානු මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ප්‍රමාණයෙන් සමාන බවයි මේ වන විට ප්‍රකාශ වී ඇත්තේ.

 

 

views

701 Views

Comments

arrow-up