යුපුන්ට ලෝකඩ පදක්කමක්, පාලිත බණ්ඩාරට රිදී පදක්කමක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

යුපුන්ට ලෝකඩ පදක්කමක්, පාලිත බණ්ඩාරට රිදී පදක්කමක්

යුපුන්ට ලෝකඩ පදක්කමක්, පාලිත බණ්ඩාරට රිදී පදක්කමක්

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 ධාවනය තරඟයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට යුපුන් අබේකෝන් අද (04) අලුයම සමත් විය.

 

අවසන් තරඟය නිම කිරීමට ඔහුට ගතවූ කාලය තත්පර 10 යි දැන්ම දාහතරකින්

 

මේ අනුව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක මීටර් 100 ධාවනය ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනාගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වීමට යුපුන් අබේකෝන් සමත් විය.

 

මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය පැරා ක්‍රීඩා උළෙලේ කවපෙත්ත විසිකිරීමේ F42-44/61-64 පැරා තරඟ ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට පාලිත බණ්ඩාර සමත්විය.

 

මෙම තරඟ ඉසව්වේ දී මීටර් 44.20ක දක්ෂතාවයක් පෙන්වීමට ඔහු සමත් විය.

views

170 Views

Comments

arrow-up