ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
28

ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය ලකුණු 246කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) සමත් විය.

 

ලකුණු 508ක ඉලක්කයක් හඹා ගිය පාකිස්ථානයට සිය දෙවන ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 261ක් පමණි.

 

පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය කඩුලු 05ක් ද රමේෂ් මෙන්ඩිස් කඩුලු 04ක් ද බිඳ හෙලීමට සමත් විය.

 

පාකිස්ථානය වෙනුවෙන් බාබර් අසාම් ලකුණු 81ක් ලබා ගැනීමට සමත් විය.

 

ඒ අනුව තරඟ 2කින් සමන්විත වූ ටෙස්ට් තරඟාවලිය තරඟ 1ට 1ක් ලෙස සමව නිමාවට පත් විය.

 

ධනංජය ද සිල්වා තරඟයේ වීරයා බවටත් ප්‍රභාත් ජයසූරිය තරඟාවලියේ වීරයා බවටත් පත්විය.

 

ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ඉනිම සදහා සියලු දෙනා දැවී ලකුණු 378ක් ද දෙවන ඉනිම සඳහා කඩුලු 8කට ලකුණ 360ක් රැස් කිරීමට සමත්විය.

 

පාකිස්ථානු කණ්ඩායමට ලබාගත හැකි වූයේ පලමු ඉනිම සදහා සියලු දෙනා දැවී ලකුණු 231ක් හා දෙවන ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණ 261ක් පමණි.

views

172 Views

Comments

arrow-up