ශ්‍රී ලංකාව ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
28

ශ්‍රී ලංකාව ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

ශ්‍රී ලංකාව ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

ජාත්‍යන්තර විකට් concert ශුරතා තරගාවලියේ නවතම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ තෙවන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ පාකිස්තානු කණ්ඩායමකිස්ථානු කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් තරඟය ජයග්‍රහණය කිරීමෙන් පසුවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම තරග දහයකට සහභාගි වී තරග හතක් පරාජය වී එක් තරගයක් ජය පරාජයෙන් තොරව නිමා කරගෙන තරඟ පහක් ජයග්‍රහණය කර තිබෙනවා.

ඒ අනුව ප්‍රසාද ලකුණු හැටහතරක් ලබාගෙන ඇති ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණ ප්‍රතිශතය දැක්වෙන්නේ 53.33%ක් ලෙසයි.

මෙම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ රැදී සිටින්නේ දකුණු අපිකානු අපිකානු කණ්ඩායම් වන අතර දෙවැනි ස්ථානය හිමි වී ඇත්තේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමටයි.

ඉන්දියානු කණ්ඩායම මෙම ලැයිස්තුවේ සිව්වන ස්ථානයද, පාකිස්තානු කණ්ඩායම පස්වන ස්ථානය ද, බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම හයවන ස්ථානය ද, එංගලන්ත කණ්ඩායම හත් වන ස්ථානයේ ද, නවසීලන්ත කණ්ඩායම අටවැනි ස්ථානයේද, බංග්ලාදේශ කණ්ඩායම නව වන ස්ථානයේ ද පසුවෙනවා.

 

views

164 Views

Comments

arrow-up