2022 ආසියානු කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
28

2022 ආසියානු කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී

2022 ආසියානු කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී

ශ්‍රී ලංකාව සත්කාරකත්වය දැරීමට නියමිතව තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව තරගාවලිය අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරි තත්වය හේතුවෙන් මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෙන යාමට තීරණය කලේ බොහෝ සාකච්ඡා කිරීමෙන් පසුව බවයි ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපති ජේ ෂා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඇෂ්ලි ද සිල්වා පවසා සිටියේ "කණ්ඩායම් සියල්ලටම ඉන්ධන සහිත බස්රථ දහයක් ලබාදිය යුතු අතර ගමන් මළු ප්‍රවාහනය සඳහා වෑන් රථයක් ලබාදිය යුතුයි. ඒවගේම කළමනාකරුවන්ට සහ අනුග්‍රාහකයන්ටත් ප්‍රවාහන පහසුකම් ලබා දිය යුතුයි.ඊට අමතරව විදුලි පහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විදුලි ජනන යන්ත්‍ර වලට ඉන්ධන ද සොයා ගැනීමට සිදුවෙනවා.එම නිසා මෙහි සත්කාරකත්වය දැරීමට ශ්‍රී ලංකාවට අපහසුයි" ලෙසයි.

views

157 Views

Comments

arrow-up