ප්‍රබල ලයනල් මෙසී ප්‍රමුඛ ආජන්ටිනාව පරදා සෞදි අරාබියට ජය
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
22

ප්‍රබල ලයනල් මෙසී ප්‍රමුඛ ආජන්ටිනාව පරදා සෞදි අරාබියට ජය

ප්‍රබල ලයනල් මෙසී ප්‍රමුඛ ආජන්ටිනාව පරදා සෞදි අරාබියට ජය

ප්‍රබල ලයනල් මෙසී ප්‍රමුඛ ආජන්ටිනා කණ්ඩායම පරාජය කරමින් මෙවර ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ තම පළමු ජය වාර්තා කිරීමට සෞදි අරාබිය ඊයේ (22) සමත් විය.

 

ඒ ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ආජන්ටිනා කණ්ඩායම සමඟ ඊයේ (22) පැවැති තරඟය ගෝල 2ට 1ක් ලෙස ජය ගැනීමට සෞදි අරාබිය සමත් විය.

 

ආජන්ටිනා කරණ්ඩායම වෙනුවෙන් ලයනල් මෙසී තරඟයේ 10 වන මිනිත්තුවේ දී දඩුවම් පහරක් සාර්ථක කර ගැනීමට සමත් විය.

 

කෙසේ නමුත් සෞදි අරාබි කණ්ඩායම වෙනුවෙන් S. Al-Shehri තරඟයේ 48 වැනි මිනිත්තුවේ දී ගෝලයක් ලබාගත් අතර S. Al-Dawsari තරඟයේ 53 වන මිනිත්තුවේ දී සෞදි අරාබිය වෙනුවෙන් දෙවන ගෝලය ලබා ගැනීමට සමත් විය.

 

ඒ අනුව එම තරඟය ගෝල 2ට 1ක් ලෙස ජය ගැනීමට සෞදි අරාබිය සමත් විය.

 

මෙම ජයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ C කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට සෞදි අරාබිය සමත් විය. 

 

views

143 Views

Comments

arrow-up