ලෝක ශූරයන්ට ලැබුණු තෑගි මුදල
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
16

ලෝක ශූරයන්ට ලැබුණු තෑගි මුදල

ලෝක ශූරයන්ට ලැබුණු තෑගි මුදල

2022 ලෝක කුසලාන පන්දුවාර 20 තරගාවලියේ දී එක් එක් කණ්ඩායම් වෙනුවෙන් පිරිනැමූ තෑගි මුදල් මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව තරඟයේ ශූරතාව දිනූ එංගලන්තයට ඇමරිකානු ඩොලර් මිලියන 1.6 ක මුදලක් හිමිවී ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී එක් තරග ජයක් වෙනුවෙන් ICCය විසින් ලබා දුන් මුදල ඇමරිකානු ඩොලර් 40,000ක් වන අතර එංගලන්තය දිනා ගත් සමස්ත මුදලේ වටිනාකම රුපියල් කෝටි 63.3ක්.

අනුශූරතාව දිනාගත් පාකිස්තානය ඇමෙරිකානු ඩොලර් ලක්ෂ අටක් ලබාගත් අතර ඉන්දියාවට හා නවසීලන්තයට හිමි වූයේ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 4 බැගින්.

මේ අතර ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ සමස්ත තෑගි මුදල ඇමරිකානු ඩොලර් 230,000ක් වනවා. 

views

132 Views

Comments

arrow-up