සර්බියාවේ නොවැක් ජෝකොවිච්ගේ තහනම් ඉවතට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
15

සර්බියාවේ නොවැක් ජෝකොවිච්ගේ තහනම් ඉවතට

සර්බියාවේ නොවැක් ජෝකොවිච්ගේ තහනම් ඉවතට

කොවිඩ් එන්නත ලබා නොගැනීම හේතුවෙන් වසර 03කට ඕස්ට්‍රේලියානු වීසා තහනමට ලක්ව සිටි සුපිරි ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවිච්ගේ වීසා තහනම ඉවත් කිරීමට ඕස්ට්‍රේලියානු රජය ඊයේ (15) තීරණය කර තිබේ.

 

ඕස්ට්‍රේලියානු රජයේ දැඩි කොවිඩ් නීතිය හේතුවෙන් 2022 ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට  සහභාගිවීමට පැමිණි නොවැක් ජොකොවිච්ට තරඟාවලියට සහභාගී නොවී යළි සිය රට බලා යෑමට සිදු වුණි.

 

කෙසේ නමුත් එම තහනම ඉවත් කිරීමෙන් පසුව ඔහු ලබන වසරේ ජනවාරි 16 වනදා ආරම්භ වන 2023  ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගි වීමට නියමිතය.

views

121 Views

Comments

arrow-up