කවපෙත්තෙන් ලොව ජයගත් පාලිත මෙරටට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

කවපෙත්තෙන් ලොව ජයගත් පාලිත මෙරටට

කවපෙත්තෙන් ලොව ජයගත් පාලිත මෙරටට

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා තරගාවලියේ දී පැරා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත් පාලිත බණ්ඩාර ඊයේ(08) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණ තිබෙනවා.

ඔහු පිළිගැනීම සඳහා ගුවන්තොටුපල විශේෂ අමුත්තන්ගේ මැදිරිය තුල උත්සවයක්ද සංවිධානය කර තිබුණා.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් නලීන් බණ්ඩාරනායක, ජාතික පැරා කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් බන්දු බණ්ඩාර සහ ඔහුගේ මව, බිරිඳ සහ දරුවන් එක් වූ බවයි වාර්තා වන්නේ.

views

184 Views

Comments

arrow-up