ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
06

ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක්

ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක්

22 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක්  දිනාගැනීමට ඊයේ (05) හැකි විය.

 

කාන්තා මල්ලව පොර තරග ඉසව්වට එක් වූ නෙත්මි අහින්සා පෝරුතොටගේ එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

 

කිලෝ ග්‍රෑම් 57 බර පන්තිය යටතේ තරග වැදුණු ඇය එහිදී ඕස්ට්‍රේලියානු  ක්‍රීඩිකාව දහයට බිංඳුවක් ලෙස පරාජය කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

 

මේ අතර දුර පැනිමේ කාන්තා ඉසව්වේ අවසන් තරගය සඳහා ලක්ෂිණි සාරංගි සුදුසුකම් ලබාගෙන තිබේ.

 

මේ වන විට ශ්‍රී ලංකාව රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 03ක් ලබාගෙන සමස්ත පදක්කම් සටහනේ 25 වන ස්ථානයේ පසුවේ.

 

views

193 Views

Comments

arrow-up