ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහි පළමු උත්සාහක දිනුම වාර්තා කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
30

ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහි පළමු උත්සාහක දිනුම වාර්තා කරයි

ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහි පළමු උත්සාහක දිනුම වාර්තා කරයි

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි සත්සාමාජික රග්බි තරග ඊයේ(29) පැවැත්වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 63-05 ලෙස ජය ගත්තා.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තරිඳු රත්වත්ත නවසීලන්ත කණ්ඩායමට එරෙහිව උත්සාහක දිනුමක් වාර්තා කිරීම කැපී පෙනෙන සිදුවීමක් වුණා.

එහිදී ඔහු වාර්තා පොත් අතරට එක් වුණේ නවසීලන්තයට එරෙහිව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළකදී උත්සාහක දිනුමක් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසටයි.

මේ අනුව පොදු රද මඩුලු ක්‍රීඩා උළෙලේ ඒ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ ප්‍රතිවාදීන් වන්නේ ප්‍රබල එංගලන්ත කණ්ඩායම සහ සමෝවා කණ්ඩායමයි.

views

166 Views

Comments

arrow-up