පොදු රද මඩුලු ක්‍රීඩා උළෙල ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
30

පොදු රද මඩුලු ක්‍රීඩා උළෙල ඇරඹේ

පොදු රද මඩුලු ක්‍රීඩා උළෙල ඇරඹේ

2022 පොදු රද මඩුලු ක්‍රීඩා උලෙළ ඊයේ(29) එන්ගලන්තයේ බර්මින්ග්හැම්හි ඇලෙක්සැන්ඩර් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණේ විචිත්‍රවත් සමාරම්භක  උළෙලකින් අනතුරුවයි.

සමාරම්භක උළෙල සඳහා දෙවනි එලිසබෙත් මහරැජින සහභාගී නොවුණු අතර ඒ වෙනුවට රැජිනගේ පණිවිඩය ගෙන පැමිණියේ වේල්සයෙහි ආදිපාදවරයා වන චාල්ස් කුමරු සහ කැමිලා කුමරියයි.

බර්මින්හැම් මෝටර් රථ කර්මාන්ත ඉතිහාසයට උපහාර දැක්වීමක් ලෙසින් දශක පහක මෝටර් රථ 72ක් පෙරටු කර ගනිමින් කැමිලා චාල්ස් සමාරම්භක උළෙල සඳහා පැමිණියේ 1970 වසරේ දී සිය 21 වැනි උපන්දිනය වෙනුවෙන් චාල්ස් කුමරු විසින් මිලදී ගත් ඇස්ටන් මාටින් මෝටර් රථයෙන් වීමත් විශේෂත්වයක්.

මහා බිතාන්‍ය සම්ප්‍රදායට මුල්තැන දෙමින් පැය තුනකට ආසන්න කාලයක් මෙම සමාරම්භක උළෙල පැවැත් වූ අතර එහිදී තරගාවලියට එක්වන රටවල් 72ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6500කට අධික සංඛ්‍යාවක් සමාචාර පෙළපාලියෙන් පැමිණියා.

සමාචාර පෙළපාලියට එක් වූ අවසන් රට බවට සත්කාරක එංගලන්තය ක්‍රීඩාපිටියට පැමිණි පසු පොදු රද මඩුලු ක්‍රීඩා උලෙළ ගිනිසිළුව ක්‍රීඩාපිටි වෙතට රැගෙන පැමිණියා.

ඒ අනුව 2022 පොදු රද මඩුලු ක්‍රීඩා වසන්තය ඇරඹුනු බවට චාල්ස් කුමරු විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

views

194 Views

Comments

arrow-up