ක්‍රිකට් අභ්‍යන්තර ගැටලු නිසා ක්‍රීඩා ඇමතිගේ අත්සන පමා වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
23

ක්‍රිකට් අභ්‍යන්තර ගැටලු නිසා ක්‍රීඩා ඇමතිගේ අත්සන පමා වෙයි

ක්‍රිකට් අභ්‍යන්තර ගැටලු නිසා ක්‍රීඩා ඇමතිගේ අත්සන පමා වෙයි

 

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් පළමු එක්දින ක්‍රිකට් තරගය පැවැත්වීමට ඇත්තේ තවත් දින දෙකක් පමණයි.

 

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සිකුරාදා (25) දිනයේ දී මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

 

තරගාවලිය ආරම්භ වීමට ඉතා ආසන්න වී තිබුණ ද, තරගාවලිය සදහා නම් කෙරුණු ශ්‍රී ලංකා සංචිතය මෙතෙක් නිවේදනය කර නැහැ.

 

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය සංචිතයට හිමිව නොතිබීම ඊට හේතු වී ඇති බවයි newswire වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

views

117 Views

Comments

arrow-up