“රාජස්ථාන් හිමිකරු මට දෙතුන් පාරක් කනට ගැහුවා”‍ - රොස් ටේලර්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
14

“රාජස්ථාන් හිමිකරු මට දෙතුන් පාරක් කනට ගැහුවා”‍ - රොස් ටේලර්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය මෙන්න

“රාජස්ථාන් හිමිකරු මට දෙතුන් පාරක් කනට ගැහුවා”‍ - රොස් ටේලර්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය මෙන්න

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ හිමිකරු තමාට දෙතුන් වතාවක් පහරදුන් බව නවසීලන්ත සුපිරි ක්‍රීඩක රොස් ටේලර් පවසයි.

 

මෙම සිදුවීම සිදුවී ඇත්තේ 2011 වසරේදීය.


 
ඔහු ඊට පෙර බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරමින් අයි.පී.එල් සඳහා තරඟ වැදුණු අතර 2011 වසරේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් ඔහුව මිලට ගත්තේ ඩොලර් මිලියනයක් වැනි ඉහල මුදලකටයි.

 

කෙසේ වුවත් එම තරඟ මාලාවේ පළමු තරඟ කිහිපයේදීම  ඔහු අසාර්ථක වූ අතර කිංන්ග්ස් 11 පන්ජාබ් කණ්ඩායම සමඟ පැවැති තරඟයේදී ඔහුට මුහුණ දීමට හැකි වුණේ පන්දු පහකට පමණයි.


 
ඉන් පසු අවස්ථාවකදී තමා අසලට පැමිණි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ හිමිකරු තමාගේ කම්මුලට පහර දුන් බව ඔහු කියා සිටියේය.

 

එම පහරවල් දරුණු ගණයේ ඒවා නොවුනද වෘත්තිය ක්‍රිකට් ක්‍රීඩාව තුළ එවැන්නක් සිදුවිය නොහැකි බව ඔහු පවසයි.

views

167 Views

Comments

arrow-up