පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ අවසන් දිනය අද
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ අවසන් දිනය අද

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ අවසන් දිනය අද

22 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ අවසන් දිනය අද (08) යි.

 

රන් පදක්කම් 66ක්, රිදී පදක්කම් 55ක් සහ ලෝකඩ පදක්කම් 53ක් සමඟ සමස්ත පදක්කම් 174ක් ලබා ගත් ඕස්ට්‍රේලියාව තවමත් පදක්කම් සටහනේ පෙරමුණේ පසු වෙයි.

 

රන් පදක්කම් 55ක්, රිදී පදක්කම් 59ක් සහ ලෝකඩ පදක්කම් 52ක් සමඟ සමස්ත පදක්කම් 166ක් ලබා ගත් එංගලන්තය පදක්කම් සටහනේ දෙවන ස්ථානයේ පසු වෙයි.

 

රන් පදක්කම් 26ක්, රිදී පදක්කම් 33ක් සහ ලෝකඩ පදක්කම් 34ක් සමඟ සමස්ත පදක්කම් 93ක් ලබා ගත් කැනඩාව පදක්කම් සටහනේ තෙවන ස්ථානයේ පසු වෙයි.

 

රිදී පදක්කම් 01ක් සහ ලෝකඩ පදක්කම් 03ක් ලබා ගත් ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 31 වන ස්ථානයේ පසු වෙයි.

 

මීළඟ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2026 වසරේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේදී පැවැත්වීමට නියමිතය.

 

views

190 Views

Comments

arrow-up