බංගලාදේශය පරදා සිම්බාබ්වේ කණ්ඩායමට තරගාවලි ජයක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
07

බංගලාදේශය පරදා සිම්බාබ්වේ කණ්ඩායමට තරගාවලි ජයක්

බංගලාදේශය පරදා සිම්බාබ්වේ කණ්ඩායමට තරගාවලි ජයක්

සංචාරක බංගලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැති දෙවන එක්දින තරගය කඩුලු 5 කින් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ (07) සමත් විය.

 

ඒ අනුව තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය කිරීමට සිම්බාබ්වේ කණ්ඩායමට හැකි විය.

 

හරාරේ ක්‍රීඩාංගනයේ පැවති තරගයේ කාසිය වාසිය දිනු සිම්බාබ්වේ නායකයා පළමුව පන්දුවට පහරදීමට බංගලාදේශ කණ්ඩායමට ආරාධනා කළේය.

 

ඒ අනුව බංගලාදේශ කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 290ක් ලබා ගැනීමට සමත් විය.

 

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 3ක් තුළ කඩුලු 5 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් විය.

views

170 Views

Comments

arrow-up