දකුණු අප්‍රිකා T20 තරඟාවලියේ ක්‍රීඩා නාමාවලිය නිකුත් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
13

දකුණු අප්‍රිකා T20 තරඟාවලියේ ක්‍රීඩා නාමාවලිය නිකුත් කෙරේ

දකුණු අප්‍රිකා T20 තරඟාවලියේ ක්‍රීඩා නාමාවලිය නිකුත් කෙරේ

දකුණු අප්‍රිකාව විසින් සංවිධානය කරන නව පන්දුවාර විස්ස ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙර තරගාවලිය සමගින් ගිවිසුම්ගත වූ ක්‍රීඩකයන්ගේ නාමාවලිය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් වැඩිම වටිනාකමක් හිමි වී ඇත්තේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරටයි. ඒ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ දෙකක්.

චාමික කරුණාරත්නට ඩොලර් එක්ලක්ෂ පනස් දාහක වටිනාකමක්ද මහේෂ් තීක්ෂණ හා මතීෂ පතිරණට ඩොලර් ලක්ෂය බැගින් වූ වටිනාකමක් ද හිමිව තිබෙනවා.

එසේම අකිල ධනංජයට හිමිවී ඇති වටිනාකම ඩොලර් 75000 ක් වන අතර නිරෝෂන් දික්වැල්ල සීක්කුගේ ප්‍රසන්න සහ නුවන් ප්‍රදීප් ඇමරිකන් ඩොලර් 50,000ක මුදලක් යටතේ ගිවිසුම් ගත වී තිබෙනවා.

මේ අනුව මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නව දෙනෙකු ගිවිසුම් ගතව තිබෙන බවයි වාර්තා වන්නේ.

views

194 Views

Comments

arrow-up