ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නම් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
24

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නම් කරයි

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නම් කරයි

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කර තිබේ.

 

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව තිබේ.

 

පිතිකරුවන් ලෙස පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නම් තිබේ.

 

එසේ ම වනිදු හසරංග, දුනිත් වෙල්ලාලගේ, අශේන් බණ්ඩාර,  සහ මහීෂ් තීක්ෂණ දඟ පන්දු යවන්නන් ලෙසත් ප්‍රමෝද් මධුෂාන්, අසිත ප්‍රනාන්දු, ධනංජය ලක්ශාන්, කසුන් රාජිත සහ ලහිරු කුමාර වේගපන්දු යවන්නන් ලෙසත් ශ්‍රී ලංකා කණ්ඩායමට නම් කර තිබේ.

 

මේ අතර භානුක රාජපක්ෂ මෙම සංචිතයට ඇතුළත් කර තිබුණ ද තමා මෙම තරඟාවලියෙන් ඉවත් කරන ලෙසට ඔහු ක්‍රිකට් ආයතනයේ ඉල්ලීමක් සිදුකර තිබේ.

 

 

views

147 Views

Comments

arrow-up